අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම විමසීම සඳහා ලබන 08 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව, මෙම ඇප ඉල්ලීම අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්යක්ෂ ජනරාල් අනුෂා සම්බන්ධප්පෙරුම විසින් මෙම පෙත්සමට අදාළ ලිඛිත විරෝධතා අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී මනුෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම විරෝධතාවලට පිළිතුරු ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව, එම ලිඛිත පිළිතුරු ලබන අඟහරුවාදා ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා ජනාධිපති නීතිඥවරයාට නියම කළ අතර, ඉන් අනතුරුව මෙම විමසීම සඳහා ලබන 08 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.
ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන අතර, ඊට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත තමන්ව මුදා හරින ලෙස ඉල්ලා හිටපු ඇමති මනුෂ නානායක්කාර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.