ICTA ආයතනය ඈවර කිරීමට කටයුතු කරනවා – ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍ය

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කිරීමට පියවර ගනිමින් සිටින බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.

ලෝක බැංකු සහයෝගය ඇතිව ආරම්භ කරන ලද මෙම ආයතනය දැන් ගොඩගත නොහැකි මට්ටමකට අභාවයට ගොස් ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

පසුගිය රජයේ තීරණයට සමාගාමීව, වත්මන් රජය විසින් ද එම ආයතනය ඈවර කළ යුතු බවට තීරණය කර ඇති බව රූපවාහිනී වැඩසටහනකට සහභාගිවෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

රටට ඩිජිටල් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට අධිකාරියක් අවශ්‍ය බවත්, ඒ සඳහා, ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවීමට යෝජනා කර ඇති බවත්, එම කටයුතු දැනට අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා GovTech ශ්‍රී ලංකා ආයතනය දැනටමත් ස්ථාපිත කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න වැඩිදුරටත් පවසා සිටියා.