හිටපු ජනපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සදහා එම කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.