සීනිමෝදර මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘බෙලිඅත්තේ සනා’ නමැති මෙම අපරාධකරු ඊයේ (01) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘භූමිතෙලා’ නමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

විදෙස් රටක සිට මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබුණු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක්, ලොරි රථ තුනක තිබී තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.