ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ උදෑසන දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකුවන ශ්‍රී ධරන් නෙරජන් හෙවත් ටින්කර් නැමැත්තා හෙට දක්වා පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එනු ලැබුවේ, 36 හැවිරිදි බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් හෙවත් කොච්චිකඩේ ශිරාන් නැමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු පසුගිය වර්ෂයේ ග්‍රෑන්ඩ්පාස් – මහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබෙන අතර ඔහු තවත් අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු වනවා.