මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ගෝනගංආර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මොණරාගල සහ බුත්තල ප්‍රදේශවලට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදූ මහා පරිමාණයේ ජාවාරමක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
කිරි බබා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු ඉතාමත්ම සුක්ෂම ලෙස කලිසම් වාටිය තුළ සඟවා හෙරොයින් විවිධ ස්ථානවලට රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් නවයයි මිලිග්‍රෑම් විසිපහක් සොයාගත් බවද පොලිසිය කියයි.
ගෝනගංආර ප්‍රදේශයේ පදිංචි විසි හය හැවිරිදි සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු ඉදිරි විමර්ශන සිදු කරති.