මොනරාගල පාසලක සිසුවෙක් විසින් සිදුකළ පහරදීමකින් ගුරුවරුයෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
අද (01) උදෑසන මෙම පහරදීම සිදුව ඇති අතර, තුවාල ලැබූ ගුරුවරයා මේ වනවිට මොනරාගල මුලික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බවයි සඳහන් වෙන්නේ.
ජංගම දුරකථනයක් පාසලට රැගෙන ඒම සම්බන්ධයෙන් ප්රශ්න කිරීම හේතුවෙන් අදාළ සිසුවා විසින් ගුරුවරයාට පහර දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.