මහින්ද තවමත් නිල නිවෙස භාරදී නෑ / වසර 3කදී අලුත්වැඩියාවට රුපියල් කෝටි 51ක්

පස්වැනි විධා­යක ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා කොළඹ 07, විජේ­රාම මාවතේ නිවෙ­සින් ඉවත්ව ගොස් සති දෙක­කට වැඩි කාල­යක් ඉක්ම ගොස් ඇතත් මෙතෙක් එම නිවෙස නිසි ලෙස භාර­දී­මට පිය­වර ගෙන නැතැයි රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි.

ජන­ප­ති­ව­රුන්ගේ හිමි­කම් ඉවත් කිරීමේ පනත පසු­ගිය 10 වැනිදා සම්මත වීමත් සමඟ මහින්ද රාජ­පක්ෂ මහතා පැය 24ක් තුළ විජේ­රාම මාවතේ රජයේ නිව­සින් ඉවත්ව තංගල්ලේ පිහිටි සිය පෞද්ග­ලික නිවෙස වූ කාල්ටන් නිවෙ­සට ගියේය. ඒ යන විට හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පාර්ශ්ව­යෙන් මාධ්‍ය වෙත දැනු­ම්දෙනු ලැබුවේ සති දෙකක් ඇතු­ළත නි‍ෙවස නිල වශ­යෙන් රජ­යට භාර­දී­මට පිය­වර ගන්නා බවය. එම සති දෙකක කාලය පසු­ගිය 24 වැනි­දා­යින් අව­සන් විය. ඒ සම්බ­න්ධ­යෙන් සිහි­කැ­ඳ­වී­මක් යොමු­කර ඇති බව ද රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශයේ උසස් නිල­ධා­රි­යකු පැව­සීය.

මෙම නිවෙසේ ඉන්වෙ­න්ට්‍රි­ගත භාණ්ඩ­වල හිමි­කා­රී­ත්වය ඇත්තේ ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට බවත්, නිල නි‍ෙවස සහ පරි­ශ්‍රයේ හිමි­කා­රී­ත්වය ඇත්තේ තම අමා­ත්‍යාං­ශය යට­තට බවත් එම නිල­ධා­රියා සඳ­හන් කළේය.

ජනා­ධි­පති ලේකම් ආචාර්ය එන්.එස්. කුමා­නා­යක මහ­තාගේ අත්ස­නින් පසු­ගිය 24 වැනිදා පස්වැනි විධා­යක ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පෞද්ග­ලික ලේකම් වෙත ලිපි­යක් යොමු­ක­ර­මින් සඳ­හන් කර ඇත්තේ විජේ­රාම මාවතේ ඇති නිල නිවෙස හා ඉන්වෙන්ට්‍රි භාණ්ඩ විධි­මත් ලෙස භාර­දෙන ලෙසය‍.

එසේම පස්වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා වෙනු­වෙන් ලබා දී ඇති නිල වාහන ද ජනා­ධි­පති කාර්යා­ලය වෙත විධි­මත් ලෙස භාර­දෙන ලෙස ද එම ලිපි­යෙන්ම දැනුම් දී තිබේ.

පස්වැනි විධා­යක ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාට වෙඩි නොව­දින මෝටර් රථ­යක් සහ ලෑන්ඩ් රෝවර් රථ­යක් ලබා දී ඇති බව සඳ­හන්ය. වෙඩි නොව­දින රථය අලු­ත්වැ­ඩි­යා­වක් සඳහා මේ වන­වි­ටත් ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට භාර දී ඇති බව ද ආරං­චි­මාර්ග සඳ­හන් කළේය.

හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වෙත පූර්ව­යෙන් පැවති විධි­වි­ධාන යටතේ මාසික විශ්‍රාම වැටු­පට එක්කර ගෙවන ලද ලේකම් දීම­නාව හා මාසික උප­රිම ඉන්ධන ලීටර් 900ක වටි­නා­ක­මට යටත්ව ගෙවන ලද ඉන්ධන දීම­නාව ද පසු­ගිය 10 වැනිදා සිට ගෙවීම් නොක­රන බව ද ජනා­ධි­පති ලේක­ම්ව­රයා එම ලිපි­යෙන් අව­ධා­ර­ණය කර ඇත.

විජේ­රාම මාවතේ පිහිටි හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා රැඳී සිටි නිල නිවෙසේ රජ­යට අයත් ඉන්වෙන්ට්‍රි භාණ්ඩ මෙන්ම පෞද්ග­ලික භාණ්ඩ ද රැසක් තිබේ. මෙතෙක් එම පෞද්ග­ලික භාණ්ඩ ද මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පාර්ශ්වය විසින් ඉවත් කර­ගෙන නොමැති බව ද ආරං­චි­මාර්ග සඳ­හන් කරයි. ජනා­ධි­පති ලේකම් විසින් දැනුම් දී ඇත්තේ ඉන්වෙන්ට්‍රි භාණ්ඩ විධි­මත් ලෙස භාර­දීමේ ක්‍රියා­ව­ලිය අග්‍රා­මාත්‍ය ලේකම් විසින් සම්බ­න්ධී­ක­ර­ණය කරනු ඇති බවය.

විජේ­රාම මාවතේ පිහිටි හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා රැඳී සිටි නිල නි‍ෙවසේ අලු­ත්වැ­ඩියා සඳහා 2021 වර්ෂයේ සිට 2023 වසර දක්වා වූ කාලය තුළ රුපි­යල් 510,090,238.93ක මුද­ලක් වැය­කර ඇති බව ද සඳ­හන්ය. 2021 වසරේ රුපි­යල් 252,124,978.36ක්, 2022 වසරේ රුපි­යල් 181,520,617.92ක් මෙම නි‍ෙවසේ අලු­ත්වැ­ඩියා සඳහා වැය­කර ඇතැයි ලේඛ­න­වල දැක්වේ.

මෙම නි‍ෙවස පිහිටි ඉඩම අක්කර 01යි පර්චස් 13.8ක් වන අතර, නි‌ෙවසේ ප්‍රමා­ණය වර්ග අඩි 30, 534කි. ඉඩම සහ නි‍ෙවසේ මුළු වටි­නා­කම ගණ­නය කර ඇත්තේ රුපි­යල් මිලි­යන 3357.4කටය. කොළඹ හතේ මෙවැනි ස්ථාන­යක පිහිටි මෙත­රම් විශාල ඉඩ­මක හා නි‍ෙව­සක මාසික කුලිය රජය විසින් තක්සේරු කර ඇත්තේ මාසි­කව රුපි­යල් ලක්ෂ 46ක් ලෙසිනි.

ගයාන් කුමාර වීර­සිංහ,

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ