ලෝක වෙන්දේසියකදී අධිකම මිලකට අලෙවි වූ තේ ප්රමාණය ලෙස ශ්‍රී ලංකාවේ කළු තේ, ලෝක වාර්තා ගිනස් පොතට ඇතුළත් වෙයි. සබරගමුව කලාපයේ “Ceylon Specialty Estate Tea of the Year Competition 2025” හි රන් ජයග්රාහකයා වූ “New Vithanakanda” වෙළඳ අගයේ FF Ex. Sp. Tea ගණයේ කළු තේ, ලෝක වෙන්දේසියකදී අධිකම මිලකට අලෙවි වූ තේ ප්රමාණය ලෙස මෙලෙසින් ගිනස් වාර්තා තැබීය.
කිලෝග්රෑමයකට ජපන් යෙන් (JPY) 125,000/- (ඇමරිකානු ඩොලර් 860) ලෙස ඉතා ඉහළ අගයකින් මේ කළු තේ මෙහි දී අලෙවි විය.
ශ්‍රී ලංකා තේ අලෙවි මණ්ඩලය, කොළඹ තේ වෙළෙඳ සංගමය සමඟ එක්ව, පසුගිය දා (26) ජපානයේ ඔසාකා නගරයේ, “World Expo Osaka” සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වයට සමගාමීව, “Ceylon Speciality Estate Tea of the Year Charity Auction” සංවිධාන කෙළේය.
“Ceylon Specialty Estate Tea of the Year Competition 2025” තරගයෙන් ජයග්රහණය ලබාගත් ශ්‍රී ලංකාවේ තේ කලාප 7න් තේ තොග 27ක් මේ වෙන්දේසියේදී විකිණීම සඳහා ඉදිරිපත් කරන ලදී.
ජපන් තේ පාරිභෝගිකයන් වැඩි පිරිසක් මෙම වෙන්දේසියට සහභාගී වෙමින්, තරගයෙන් ජයගත් තේ මිලදී ගැනීමට ඉදිරිපත් වූ අතර මිලට ගන්නා පාර්ශ්වයන්ට ඉදිරිපත් කළ සියලු තේවල රස පරීක්ෂණයෙන් තත්ත්වය තක්සේරු කිරීමට අවස්ථාව සලසා තිබුණි.
මෙම තේ මිල දී ගත්තේ M/s. Jannet International සමාගම විසිනි. මේ අතර මෙම උත්සවය වඩාත් සාර්ථක කරගැනීම සඳහා ජපාන තේ සංගමය විසින් අගනා සහයෝගයක් ලබා දෙන ලදී.
නෙරංජලා වික්රමසිංහ