කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක්, වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 15 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි සඳහන් වන්නේ.
අල්ලස් කොමිසමේ නිලධාරිනිය සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
රුපියල් මිලියන 97 කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.