A9 මාර්ගයේ මිහින්තලය, පළුගස්වැව ප්රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කතරගම සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා පිටුපසින් පැමිණි ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබූ බස් රථයේ ගමන් ගත් මඟින් තිදෙනෙක් මිහින්තලය ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.