සරසවි ඇදුරන් අද වර්ජනයක

වැටුප් විෂමතාව සහ ආචාර්යවරුන්ගේ හිඟය ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද සංකේත වර්ජනයක නිරත වනවා.

කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල විභාග ඇතුළු අධ්‍යයන කටයුතු ඇනහිටීමේ අවදානමක් පවතින බවයි.