එළවලු මිල පහළට

මේ වන විට වෙළදපොලේ එළවළු තොග මිල පසුගිය කාලසීමාවට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබෙනවා.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය සදහන් කළේ දෛනිකව ලැබෙන එළවලු තොග ඉහළ යාම හේතුවෙන් මෙලෙස මිල පහත බැස ඇති බවයි.

ඒ අනුව කැරට්, බෝංචි, වට්ටක්කා, ගෝවා, තක්කාලි, රතු අල, ලීක්ස්, රාබු ආදී එළවලු රැසක මිල පහත බැස තිබෙනවා.

වෙළදපොලේ වට්ටක්කා කිලෝවක් රුපියල් 60 ක් දක්වා පහළ බැස ඇති බවයි වෙළදපොල වාර්තා සදහන් කළේ.