කැලණි ගඟේ කඩුවෙල පාලම යට තිබී නරක් වූ නිරුවත් මළ සිරුරක් සොයා ගෙන ඇති බව කඩුවෙල පොලිසිය පවසනවා.
මෙම මළ සිරුර දින හතරකට පමණ පෙර මිය ගොස් ඇති බවට සැක කෙරෙන අතර, දේහය සොයාගන්නා විටදීත් ඉදිමී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයාගේ යට ඇඳුම පමණක් සිරුරේ තිබී තිබෙනවා.
එමෙන්ම, ඔහු ඇඳ සිටි බවට සැක කළ හැකි දිගු කලිසමක යට කෙළවර ගැට ගසා, එය තුළට ගල් පුරවා ඉනෙහි ගැට ගසා තිබී ඇති අතර, මෙලෙස ගල් යොදා තිබීම, මළ සිරුර ගඟේ ගිල්වා තැබීමට කළ උත්සාහයක් විය හැකි බවටයි පොලිසිය සැක පළ කරනු ලබන්නේ.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණ සිදුකර ඇති අතර, දේහය සම්බන්ධයෙන් කඩුවෙල වැඩබලන මහේස්ත්රාත් සමිත පණ්ඩිතසුන්දර විසින් මූලික මහේස්ත්රාත් පරීක්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.