හෙරොයින් සහ ජීව පතරොම් 458 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විවිධ වර්ගයේ ජීව පතරොම් 458 ක්, T-56 පතරොම් ගැබක් හා තවත් භාණ්ඩ සමඟ එක් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී, හෙරොයින් ග්‍රෑම් 75 යි මිලිග්‍රෑම් 400 ක්, ව්‍යාජ ලෙස සකස් කළ වාහන අංක තහඩු 30 ක්, ආදායම් බලපත්‍ර 15 ක්, රක්ෂණ සහතිකපත් 15 ක් හා ජංගම දුරකථන දෙකක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන, අඟුලාන, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා.