පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අයත් වන සියලු ආයතනවල නියෝජිතයන් හමුවට කැඳවීමක් සිදුකර තිබෙනවා.
ලබන ඔක්තෝබර් මස 2 වැනි දින මෙම කැඳවීම සිදුකර ඇති බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කළා.
කෝප් කමිටුවේ කාර්යභාරය සහ එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම කැඳවීම සිදු කර තිබෙනවා.
මේ වන විට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට හෙවත් කෝප් කමිටුවට රාජ්‍ය ව්‍යාපාර 457 ක් අයත් වන අතර, එම ආයතනවල ලේකම්වරුන්ට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී ඇති බව වැඩිදුරටත් සඳහන්.