පුද්ගලයෙකුට පහරදී රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අදාළ විමර්ශනයේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (27) කිරිබත්ගොඩ ප්‍රදේශයේදීයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ගණේමුල්ල ප්‍රදේශයේදී ඉකුත් (20) වැනිදා මේ කොල්ලය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් අවුරුදු 17 සහ 20 වයසේ පසුවන කැන්දලියද්දපාලුව, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
කොල්ලකන ලද රන් භාණ්ඩ උණුකර සකස් කරන ලද ග්‍රෑම් 121 මිලිග්‍රෑම් 350ක් සහ ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 15ක් බර රන් කැබලි දෙකක් ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.