පාර්ලිමේන්තුව ලබන මස 7 – 10 රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර ප්‍රකාශ කළා.

ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වුණා.

ලබන මස 7 වැනිදා ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදයට ගැනීමට නියමිතයි.

8 වැනිදා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පරිපුරක ඇස්තමේන්තුව විවාදයටගෙන සම්මත කරගැනීමට ද නියමිත අතර ලබන මස 10 වනදා පෞද්ගලික මන්ත්‍රී යෝජනා 08ක විවාදයට ගැනෙණු ඇති.

රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, ලංකා ගමනාගමන මණ්ඩලය ශක්තිමත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම, වාර්ගිකත්වය සහ ආගමික පදනම අනුව දේශපාලන පක්ෂ නම් කිරීම තහනම් කිරීම, පාසල් විෂය මාලාවට නීතිය සහ ආචාර ධර්ම ඇතුළත් කිරීම ඇතුලු යෝජනා ඊට අයත් වනවා.