ගෙවුණු පැය 24 තුළ මාරාන්තික රිය අනතුරු 6ක් සිදුව කාන්තාවන් දෙදෙනකු සහ පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
බුලත්සිංහල, කොලොන්න, ලුණුගම්වෙහෙර , බොරැල්ල, හබරාදූව සහ හබ්බේගමුව පොලිස් වසම්වල මෙම අනතුර සිදුව ඇතැයි බවයි පොලිසියේ සඳහන් කරන්නේ,
බේස්ලයින් මාර්ගයේ බන්ධනාගාර හන්දිය අසලදී දෙමටගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරු පැදියේ ගැටී
වයස අවුරුදු 25 ක් වූ මස්කෙළිය ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ අළුයම් කාලයේ කොලොන්න පොලිස් වසමේ අලිවාඩිය වලකඩ අතුරු මාර්ගයේ දි මෙම අනතුර සිදු වු බවත් රියදුරු හා පසුපස ගමන් කල කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොලොන්න රෝහලට ඇතුලත් කිරීමේදී එක් කාන්තාවක් මියගොස් තිබෙන බව පොලිසිය පවසනවා.
ලුණුගම්වෙහෙර පොලිස් වසමේ මොණරාගල මාතර මාර්ගයේ 70 පාර හන්දිය අසලදී ලුණුගම් වෙහෙර දෙසට ධාවනය වූ බස් රථයක් යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරු පැදියේ ගැටී වයස අවුරුදු 50ක් වයසැති පුද්ගලයෙක් මිය ගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ,
මෙම මාරාන්තික අනතුරු පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරන බවයි පොලිසිය පවසන්නේ,