ඔක්තෝබරයේදී ලොව සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව ලෙස Time Out සඟරාව විසින් නම් කෙරේ

ලොව හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන සඟරාවක් වන බ්‍රිතාන්‍යයේ ‘Time Out’ නිකුත් කළ නවතම අනාවරණයට අනුව, ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමයන් සහ ස්වාභාවික භූ දර්ශන මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම, දිවයින වටා ඇති ආකර්ශණීය වෙරළ තීරයන් සහ කඳු නැගීම, පෞරාණික නටබුන්, ‍වනජීවී සෆාරි යනාදිය ද ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස තෝරාගැනීමට හේතුවී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය ලෙස තුර්කිය ද, තෙවන ස්ථානයට අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ද නම්කර ඇති අතර, අනෙකුත් ගමනාන්ත ලෙස ස්පාඤ්ඤයේ වැලෙන්සියා, අමෙරිකාවේ නිව්යෝර්ක්, පිලිපීනය, භූතානය, බොස්නියාව සහ හර්සගොවිනා, රුමේනියාවේ ටිමිසෝරා, අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ සහ නැමීබියාව යන ගමනාන්තයන් නම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.