සොඳුරු කලාකරු නලීන් ප්‍රදීප් උඩවෙලගේ දේහය නිවසට

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙලගේ දේහය ඊයේ (23) රාත්‍රියේ දී මත්තෙගොඩ ප්‍රසන්න උයනේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන විත් තිබෙනවා.

එම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය, කලාකරුවන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (25) දා සවස 02ට නිවසේදී ආගමික කටයුතු පැවැත්වීමෙන් අනතුරුව මත්තෙගොඩ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.