පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (24) දිනයේද පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම, පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

පෙ.ව. 11.30 සිට ප.ව 5.00 දක්වා දණ්ඩ නීති සංග්‍රහය (සං‍ශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය සඳහා කාලය වෙන් කර ඇති බවද සඳහන්.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.