ඔක්තෝබර් 01 වැනිද මෙතෙක් සමරමින් තිබුණු ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් මෙම වසරේ ළමා දිනය වෙනුවෙන් ජාතික සතියක් (සැප්තැම්බර් 26 වනදා සිට ඔක්තෝබර් 01 වනදා දක්වා ) ප්‍රකාශයට පත්කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය මේ බව පැවසුවේ ජාතික ළමා දිනයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව අද (23) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙවර ජාතික ළමා දිනය සමරන ජාත්‍යන්තර සතියේදී ජනාධිපතිතුමාගේ ප්‍රධාන සංකල්පයකට අනූව මෙවර ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හා සමගාමීව සහයෝගය හා දායකත්වය ලැබී ඇති බවද පැවසුවාය.
වෙන වසරවල ලෝක ළමා දිනය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයෙන් පමණක් සමරන දිනයක් වුවද මෙවර ඒය ඉන් ඔබ්බට ගොස් ජනපතිගේ සංකල්පය, ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය තුළ දරුවන්ට හිංසනයෙන් පීඩනයෙන් තොර හොඳ රටක් නිර්මාණය කිරීම සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය යටතේ පවත්නා පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා රක්ෂණ අධිකාරිය ආදී අමාත්‍යංශයේ සියලු අංශ ඒ්කාබද්ධව මෙම ළමාදින සතියේ වැඩකටයුතු කරන බව පැවසුවාය.
අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, පාසල්, පොලීසිය ආදී සියලු ආයතන සහ ප්‍රවාහන අමාත්‍යංශය ආදී අමාත්‍යංශ සමග ඒ්කාබද්ධව දරුවන්ට හොඳ රටක් සෑදීමට සියලුම ආකාරයේ මැදිහත්වීම් සිදුකරන බවද සඳහන් කළාය.
සැප්තැම්බර් 26 වනදා සිට ඔක්තෝම්බර් 01 දක්වා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර මෙම ජාතික ළමා දින සතිය ප්‍රකාශයට පත්කිරීමට අවසරය ගෙන ඇති බවද සුරක්ෂිත ළමා ලෝකයක් නිර්මාණශීලී අනාගත පරපුරක් යනුවෙන් ජාතික ප්‍රතිපත්ති මාළාවේ පැවති තේමාවත් සමග මෙවර ළමා දිනයට තේමාවක් ලබාදී ඇති බවද අවධාරණය කළාය.
ඒ් අනූව මෙවර තේමාව වනුයේ “ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්නට” යන්න බවද පැවසූ අමාත්‍යවරිය මෙම තේමාව යටතේ විවිධ වැඩසටහන් සංවිධානය කරගෙන යන බවද පැවසුවාය. වත්මන් රජය බලයට පත්වී ගෙවුණු වසරක කාලය තුළ හඳුනාගත් විශේෂ තත්ත්වයන් ඒනම් දරුවන්ගේ අනාගතය යහපත් කිරීමට මෙරට පැවති සමහර කාරණා සහ ජනතාවට ලබාදුන් පොරොන්දු සමග යම් යම් සාධනීය පියවරයන් අත්පත් කරගැනීමට හැකියාව ලැබී ඇතැයිද සදහන් කළාය.
පෙරපාසල් දරුවන් සදහා මෙතෙක් ලබාදුන් උදෑසන ආහාර වේල සදහා දුන් රුපියල් 60ක දීමනාව රුපියල් 100 දක්වා ඉහළ නංවා ගැනීමේ හැකියාව ලැබී ඇතැයිද, මෑත කාලීනව මහත් ආන්දෝලනයට තුඩුදුන් දරුවන්ට සිදුවන් ශාරීරික සහ ලිංගික හිංසනයන් පිළිබදව කාරණා පැවති බවද සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් දරුවන් මුදාගැනීම සදහා ක්‍රියා කරන ආයතන බොහෝමයක් පැවතියද ඒම ආයතන සියල්ල ඒකම තලයක ඒකට ක්‍රියා නොකරන තත්ත්වයක් පැවති බවද පැවසුවාය.
මෙම සියලු ආයතන ඒක්ව ගෙන කටයුතු කරන මෙම විමර්ශන කටයුතු වල කිසිදු ප්‍රමාදයක් හෝ අතපසුවීමක් සිදුනොවන තත්ත්වයක් ඇතිකර ගැනීම සදහා සියලු ආයතන සම්බන්ධ කරගෙන විමර්ශන කටයුතු වඩාත් වේගවත් කිරීමට බහු ආංශික යාන්ත්‍රණයක් හදුන්වාදීමේ හැකියාව පසුගිය මැයි මාසයේ උදාකරගත් බවද සිහිපත් කළාය. ඒය අමාත්‍යංශ මට්ටමේ පටන් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම දරුවන්ට හිංසනය සහ ප්‍රචණ්ඩත්වයට ඒරෙහිව කටයුතු කරන සියලු අංශ ඒකතු වෙලා මේ විමර්ශන කටයුතු වලදී කඩිනම් සහාය ලබාදී විසදුම් සොයන යාන්ත්‍රණයක් බවට පත්ව ඇතැයිද වැඩිදුරටත් පැවසුවාය.