අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.
ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් අද (23) මෙම තීන්දුව ලබා දී ඇති බව සඳහන්.
පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු, වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.
එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින්, අධිකරණයට අපහාස කළේ යැයි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට චෝදනා එල්ල වී තිබුණා.
ඉහත ක්‍රියාව තුළින් විත්තිකරු වන හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට බරපතළ අපහාසයක් සිදු කර ඇති බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කර සිටියේ.