රන් අවුන්සයක මිල අද (23) වන විට ඩොලර් 3,729.83ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
පසුගිය මාසය තුළ රන් මිල 12%කින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාස 12 තුළ එය 42%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
සැප්තැම්බර් 1 වැනිදා නිකුත් කළ විශ්ලේෂක වාර්තා සඳහන් කර ඇත්තේ, රන් අවුන්සයක මිල මේ වසරේදී ඩොලර් 3,750 සීමාවට ළඟා වීමට නියමිත බවයි.
විශ්ලේෂකවරුන් පුරෝකථනය කරන්නේ එම අගය ඩොලර් 4,000 දක්වා ඉහළ යනු ඇති බවටයි.
අගෝස්තු 22 වැනිදා සිට මේ දක්වා රන් මිල ඩොලර් 400කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ සඳහා එක්සත් ජනපද ඩොලරයේ දුර්වල වීම, උද්ධමන අවදානම, ෆෙඩරල් මහ බැංකුවෙන් අපේක්ෂිත අතිරේක පොලී අනුපාත අඩු කිරීම්, අවදානම් සහිත වත්කම් කෙරෙහි ඇති විශ්වාසය අඩුවීම, අඛණ්ඩ භූ දේශපාලනික ගැටුම් සහ මහ බැංකු විසින් අඛණ්ඩව රන් මිලදී ගැනීම් වැනි බොහෝ සාධක බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
මෙම සාධක සහ වර්ධනය අඛණ්ඩව පැවතීම හේතුවෙන් නත්තල වන විට රන් මිල ඩොලර් 4,000 සීමාවට ළඟා වීමේ ප්‍රබල හැකියාවක් පවතින බවටයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.