කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
ඒ අනුව, අද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.
ඉන් අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
මේ අතර, ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක කතානායකවරයා ඊයේ සිය සහතිකය සටහන් කර තිබෙනවා.
පසුගිය ජුලි මස 8 වනදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පසුගිය 11 වනදා සංශෝධන සහිතව සම්මත වුණා.
වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට පැමිණිලි කිරීමට විගණකාධිපතිවරයාට බලතල ලබාදීම සහ වාර්ෂික සවිස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ කාලය මාස පහේ සිට මාස හයක් දක්වා දීර්ඝ කිරීම ද මෙහිදී සිදු කෙරුණා.
සංශෝධන, මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ යටතේ වැරදි සිදු කරන පුද්ගලයින් සඳහා දඬුවම් සැලකිය යුතු ලෙස වැඩි කිරීමද සිදුකර තිබෙනවා.