දෙහිවල පොලිස් වසමේදී ජුලි 24 වැනිදා වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව ඊයේ (22) දෙහිවල පොලිස් වසමේ මල්වත්ත පාර ප්‍රදේශයේදී එම කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම අපරාධයට ගිනි අවිය හා පතරොම් ලබාදුන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 35ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.