ජනපති අද රාත්‍රියේ අමෙරිකාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද රාත්‍රියේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහායි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව හෙට හා අනිද්දා නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතයි.

අනිද්දා එරට වේලාවෙන් පස්වරු 3.15ට ජනාධිපතිවරයා මහා මණ්ඩලය අමතන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මේ අතර, සංචාරය අතරතුර ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවීමට නියමිතයි.