ලොව ප්‍රථම ළමා සමාජ මාධ්‍ය තහනම ඔස්ට්‍රේලියාවෙන්

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමේ නීතිය දෙසැම්බර් මාසයේදී ක්‍රියාත්මක වීමත් සමග එළඹෙන දෙසැම්බර් 10 වැනිදා සිට TikTok, Facebook, Snapchat, Reddit, X (ට්විටර්) සහ Instagram වැනි සමාජ මාධ්‍ය වේදිකා භාවිතය ළමුන් සඳහා අවහිර වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය වසරේදී, වයස අවුරුදු 16ට අඩු යෞවනයන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් යෝජනා කළ ලොව ප්‍රථම රට බවට ඔස්ට්‍රේලියාව පත් වුණා.