තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා වූ නව ක්‍රමවේදය සති දෙකක් ඇතුළත හඳුන්වාදෙනවා – සමන්ත විද්‍යාරත්න

තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා වූ නව ක්‍රමවේදය සති දෙකක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ප්‍රමාදයකින් තොරව පොහොර ලබාදීම කෙරෙහි රජය සිය අවධානය යොමු කර ඇති බවත්, ඒ යටතේ ගොවීන්ට තමන් කැමති ඕනෑම ස්ථානයකින් පොහොර ලබාගැනීමට හැකියාව ඇති බවයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ.