මෙම වසරේ ජනවාරි මස පළමු වනදා සිට සැප්තැම්බර් මස 04 වනදා දක්වා සිදුවූ මාරක රිය අනතුරු 1,757කින් පුද්ගලයින් 1,870 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.








