පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පියවි ඇසින් දැකගැනීමේ විරල අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට තවත් පැය කිහිපයකින් උදාවනවා.
ඒ අනුව රාත්‍රී 9.57 සිට හෙට අලුයම 1.26 දක්වා එම චන්ද්‍රග්‍රහණය සිදුවන අතර, එහි ග්‍රහණ මධ්‍යය හෙවත් නැරඹීමේ හොදම වෙලාව, රාත්‍රී 11.42 බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ අභ්‍යාවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ.
අද දැකබලා ගැනීමට හැකිවන මෙම චන්ද්රගහණයෙන් අනතුරුව නැවතත් මෙරට ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව හිමිවෙන්නේ 2028 වර්ෂයේ වීමත් විශේෂත්වයක්.
අද රාත්‍රියේ දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයේ උච්චතම අවස්ථාවේදී චන්ද්‍රයා ලා රතු පැහැයෙන් දිස්වන බැවින් මෙය හඳුන්වන්නේ ‘බ්ලඩ් මූන්’ හෙවත් ලෝහිත චන්ද්‍රයා ලෙසයි.
මෙලෙස අද රාත්‍රී රාත්‍රී 8න් පසු ආරම්භ වී හෙට අළුයම දක්වා පවතින මෙම චන්ද්‍රග්‍රහණයේදී රාත්‍රී 8.58 සිට චන්ද්‍රයාගේ පැහැය ක්‍රමයෙන් අඩුවෙන අතර, පසුව රාත්‍රී 9:57 සිට රාත්‍රී 11 දක්වා අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට අවස්ථාව හිමිවනවා.