
මුදල් වෙන්කර ගත් හැටි
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලක්ෂ 132
පොලීසියෙන් හා නාවික හමුදාවෙන් ලක්ෂ 32
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අනුව සංචාරය පෞද්ගලික එකක් බව පෙනී යනවා හිටපු ජනාධිපති ලේකම් කියන්නේ සංචාරයක් බවයි ගිහින් ආවාහම නිල සංචාරයක් වෙලා
-අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්
රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අෙමරිකාව ඇතුළු රටවල් දෙකක සිදු කළ නිල සංචාරයකින් පසුව එංගලන්තයේ ‘වුල්ෆ් හැම්ටන්’ විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා 10 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් සමඟ යාමෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ මුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළ බවට චෝදනා ලැබ සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයා ඉකුත් 22දා අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය හිටපු ජනාධිපතිවරයා හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.
පැමිණිල්ල සහ විත්තිය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කළ සියලු කරුණුවලට සවන් දුන් මහේස්ත්‍රාත්වරිය සැකකාර ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කරමින් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස නියම කළාය.
ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයාට දන්වා යවන ලෙසටත් නියම කළාය.
එමෙන්ම සැකකාර ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාරයට නියම කළාය.
නිල සංචාරයක් බව කියමින් එංගලන්තයට ගිය සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන් අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා ලබා දුන් “වුල්ෆ් හැම්ටන්” විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය සම්බන්ධයෙන් ලද බව කියන ලිපිය සැක සහිත බවත් මාස තුනක් තුළ සිදු කළ විමර්ශනයට ප්‍රකාශ ලබා දීමට පැමිණි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජනාධිපති පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන දෙදෙනාම එම ලිපිය සම්බන්ධයෙන් පරස්පර ප්‍රකාශ ලබා දී ඇති බැවින් පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කර ඇති සැකකාර හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් නොමැති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කළ යුතුයි. හිටපු 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අවභාවිත කර ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රජයේ මුදල් භාවිත කරමින් විදේශ සංචාර සිදු නොකරන ලෙසටත් පිරිමැසුම් පන්තියේ ගුවන් ටිකට් පත් භාවිත කරමින් අවශ්‍ය විදේශ සංචාර සඳහා යොමු වන ලෙස විනිසුරුවන් ඇතුළු රජයේ නිලධාරීන්ට චක්‍රෙල්ඛයක් නිකුත් කර තිබියදීයි.
ඇප ලබා දීමේදී සැලකිය යුතු සුවිශේෂි කරුණු කෙරෙහි පමණක් සලකා බලන්න. අදාළ සංචාරය පිළිබඳව ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කෙරුණු ලිපිය සලකා බැලීමේදී එය පෞද්ගලික සංචාරයක් බවට පෙනී යනවා. හිටපු ජනාධිපති සමන් ඒකනායක මහතා ප්‍රකාශ ලබා දෙමින් කියා තිබෙන්නේ එය සංචාරයක් බවයි. පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා කියා තිබෙන්නේ ගමන් ගැන නොදන්නා නමුත් එහි ගිය බවයි. අවස්ථා තුනකදී සංචාරයක් පුද්ගලික සංචාරයක් සහ අවසන් වරට නිල සංචාරයක් බවට ප්‍රකාශ කර තිබෙනවා. අද දින සැකකාර ජනාධිපතිවරයා ලබා දුන් ලිපිය බැලූ බැල්මට සැක සහිතයි. ඇයි මේ ලිපිය සම්බන්ධයෙන් මාස තුනක් යනතුරු සාක්ෂිකරුවන් කිසිවකු කිසිවක් කියා නැත්තේ මේ ලිපිය සකස් කළ එකක් බවට සැක සහිතයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි. නීතිය ඉදිරියේ කවුරුත් එක සමානයි. මේ විත්ති කූඩුවේ ඉන්නේ මා වුවත් වෙන කිසිවකු වුවත් නීතියට යටින් සියලු පුද්ගලයන් සිටින්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.
එසේම ඩොලරය ඉහළ යමින් රටේ පැවැති අතිශය ආර්ථික දුෂ්කරතා පැවැති 2023 වසරේදි රජයේ මුදල් භාවිත කරමින් මෙම විදේශ සංචාරය සිදු කර තිබෙනවා යැයි දිලීප පීරිස් මහතා කීවේය.
සිද්ධිය සම්බන්ධයෙන් මෝසමක් ගොනු කරමින් පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරිහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළහ.
එහිදී සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දිලීප පීරිස් මහතා මෙසේ අදහස් දැක්වීය.
2023.8.16 දින විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් පෞද්ගලික සංචාරයක් සඳහා යාමට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ලියවිලි දී තිබෙනවා. මුල් ලේඛනය මඟින් පුද්ගලික සංචාරයක් බවට කියා කියනවා. ප්‍රධාන සන්නාම නිලධාරියාට විදේශ කටයුතු ලේකම්වරයා එවන ලේඛනයේ private කියලා නිල් පාටින් රවුම් කරල තියෙනවා. සැප්තැම්බර් 06 වැනිදා ලේඛනය විසිට් කියල එනවා. හිටපු ජනාධිපති ලේකම් ඒකනායක මහතාගේ ලේඛනය සැප්තැම්බර් හත්වැනිදා නිර්දේශ කරනවා ගමනට යන පිරිසට අරමුදල් යවන බවට. 2023 අගෝස්තු 16 ඉඳන් සැප්තැම්බර් 07 වෙනකොට private සංචාර නිකම් විසිට් වෙනවා. ඔක්තෝම්බර් 23 වැනිදා ඉඳන් දෙසැම්බර් 10 වැනිදා අතර කාලය තුළ මේ ලේඛනවල ඔෆිෂියල් විසිට් වෙනවා. මේ විදියට ලිපි වෙනස් වෙන්නේ කොහොමද ස්වාමීනී. මේකද රජයේ වගකිව යුතු ලේකම්වරයකු ඇතුළු පිරිස කටයුතු කරන විදිහ? සංචාරය ගිහින් ආවට පස්සේ මේවා වෙනස් වෙන්නේ. පුද්ගලික සංචාරය සංචාරය වෙලා සංචාරය ගිහිං ආවාම ඒක නිල සංචාරයක් වෙනවා. මේකම ප්‍රශ්නගතයි. කවුද මේක සංශෝධනය කළේ?
දින එකහමාරකට ජනාධිපතිවරයාගේ බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට මෙතරම් මුදලක් වියදම් කිරීම සාධාරණද? දින එකහමාරක කාලයකට හයර් කරපු වාහනයට රුපියල් ලක්ෂ හතළිස් පහයි. ආහාරපාන සඳහා ලක්ෂ දහතුනක්, නවාතැන් සඳහා රුපියල් ලක්ෂ තිස්හතරක්, හෝටල් වෙන් කිරීම් අත්තිකාරම් සඳහා රුපියල් ලක්ෂ 14ක් ද වැය කර තිබෙනවා. ස්වාමීනී සාමාන්‍ය පුද්ගලයෙක් හෝටලයක වොෂ් රූම් එකකට ගිහිං කරගන්නා විනාඩ් 15න් 20න් කරගන්නා කර්තව්‍යයන් සඳහා පවුම් 600ක් හෙවත් රුපියල් ලක්ෂ 27ක් ගෙවා තිබෙනවා. සිම් කාඩ් හයක් මිලදී ගැනීමට පවුම් 200ක්, මෙන්ම මිනිත්තු කිහිපයකට ගත් ආවතේවකරුවකු සඳහා රාජ්‍ය මුදල් වැය කරමින් පවුම් 200ක් ගෙවා තිබෙනවා.VIP අයට refresh වෙන්න කියලා වෙනම මුදල් වෙන් කරලා තිබෙනවා. වාහන සඳහා ලක්ෂ 46 වෙන් කර තිබෙන්නේ එවැනි කිලෝ මීටර් 200කට වැඩි ගමනක් යන්න පහසුකම් තිබෙන වාහනයක් තිබෙන්නේ මහකොමසාරිස්වරයාට පමණක් බව විමසීමකදී දැනගත්තා ස්වාමීනී, ඇයි කිලෝමීටර් 200ක් වන මේ තරම් දුරක් උපාධි ප්රදානෝත්සවය තිබෙන තැනට නවාතැන් නොෙගන ලන්ඩන්වල කාමරය වෙන් කර තිබෙන්නේ. London Mark හෝටලයයිවුල්ෆ් හැම්ටන් විශ්වවිද්‍යාලයටයි දුර කිලෝමීටර් 206 තියෙනවා. යන්න එන්නම විතරක් කිලෝමීටර් 400කට වැඩියි. ලන්ඩන්වල විතරක් නෙවෙයි වුල්ෆ් හැම්ටන් විශ්වවිද්‍යාලය ආසන්නයේ විනාඩි පහක දුරින් කාමර දෙකක් අරගෙන තියෙනවා . එතන ඉඳන් විශ්වවිද්‍යාලයට යන්නේ විනාඩි පහයි. මෙතන ඉන්නෙ නැතුව ලන්ඩන්වල ඉඳලා කිලෝමීටර් ගාණක් දුර ඇවිත් තියෙනවා. සැකකරු පුද්ගලික කටයුත්තක් සඳහා මේවාට වියදම් කර තිබෙන්නේ රාජ්‍ය මුදල්.
හිටපු ජනාධිපතිවරයාගේ නිල ඡායාරූප ශිල්පියා වන චින්තක ප්‍රසන්න පෙරේරාගෙන් ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ අෙමරිකාවේ සහ කියුබාවේ නිල සංචාරවලට ඔහු රැගෙන ගියද ලන්ඩන් සඳහා රැගෙන ගියේ නැති බවයි. එතකොට මේක නිල සංචාරයක් නෙමෙයිද ?
දින එකහමාරකට ජනාධිපතිවරයාගේ බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට මෙතරම් මුදලක් වියදම් කිරීම සාධාරණද? දින එකහමාරක කාලයකට හයර් කරපු වාහනයට රුපියල් ලක්ෂ හතළිස් පහයි. ආහාරපාන සඳහා ලක්ෂ දහතුනක්, නවාතැන් සඳහා රුපියල් ලක්ෂ තිස්හතරක්, හෝටල් වෙන් කිරීම් අත්තිකාරම් සඳහා රුපියල් ලක්ෂ 14ක් ද වැය කර තිබෙනවා. ස්වාමීනි සාමාන්‍ය පුද්ගලයෙක් හෝටලයක වොෂ්රූම් එකකට ගොස් විනාඩි 15න් 20න් කරගන්නා කර්තව්‍යයන් සඳහා පවුම් 600ක් හෙවත් රුපියල් ලක්ෂ 27ක් ගෙවා තිබෙනවා. සිම් කාඩ් හයක් මිලදී ගැනීමට පවුම් 200ක් මෙන්ම මිනිත්තු කිහිපයකට ගත් ආවතේවකරුවෙක් සඳහා රාජ්‍ය මුදල් වැය කරමින් පවුම් 200ක් ගෙවා තිබෙනවා. vip අයට refresh වෙන්න කියලා වෙනම මුදල් වෙන් කරලා තිබෙනවා. වාහන සඳහා ලක්ෂ 46ක් වෙන් කර තිබෙන්නේ, එවැනි කිලෝමීටර් 200ට වැඩි ගමනක් යන්න පහසුකම් තිබෙන වාහනයක් තිබෙන්නේ මහකොමසාරිස්වරයාට පමණක් බව විමසීමකදී දැනගත්තා.
ස්වාමීනි, ඇයි කිලෝමීටර් 200ක් වන මේ තරම් දුරක් උපාධි ප්රදානෝත්සවය තිබෙන තැනට නවාතැන් නොෙගන ලන්ඩන්වල කාමරය වෙන් කර තිබෙන්නේ. ලන්ඩනයේ Mark හෝටලයයි වුල්ෆ් හැම්ටන් විශ්වවිද්‍යාලයටයි දුර කිලෝමීටර් දෙසිය හයක් තියෙනවා. යන්න එන්නම විතරක් කිලෝමීටර් 400කට වැඩියි. ලන්ඩන්වල විතරක් නෙවෙයි වුල්ෆ් හැමටන් විශ්වවිද්‍යාලය ආසන්නයේ විනාඩි පහක දුරින් කාමර දෙකක් අරගෙන තියෙනවා. එතන ඉඳන් විශ්වවිද්‍යාලයට යන්නේ විනාඩි පහයි. මෙතන ඉන්නෙ නැතුව ලන්ඩන්වල ඉඳලා කිලෝමීටර් ගාණක් දුර ඇවිත් තියෙනවා. සැකකරු පෞද්ගලික කටයුත්තක් සඳහා මේවාට වියදම් කර තිබෙන්නේ රාජ්‍ය මුදල්. මේ හෝටල්වල රාජ්‍ය නායකයා විතරක් නෙවෙයි, පොලීසිෙය හතරකුත් ඉන්නවා. මේ අයට අනියම් දීමනා ලක්ෂ එකොළහක් ගෙවා තිබෙනවා. 2023 වසරේ තිබුණු ආර්ථික තත්ත්වයත් එක්ක ඩොලර් එකක් හොයාගන්න තිබුණෙ නැහැනේ රට ඇතුළේ. මේ කටයුතු සඳහා හෝටල් දෙකක කාමර වෙන් කරන්නේ ඇයි? ලන්ඩනයේ මාර්ක් හෝටලය තිබෙන්නේ කිලෝමීටර් 200ක් දුරින් දැන දැනම වෙන් කර තිබෙන්නේ.
සැකකාර ජනාධිපතිවරයා එහි යන්න දින දෙකකට පෙර ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කොස්තාපල්වරයකු ලන්ඩන් ගොස් තිබෙනවා.
ඔවුන්ට පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් ලක්ෂ 22කට අධික මුදලක් ගෙවා තිබෙනවා. ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ජනාධිපතිවරයා අදාළ උපාධි ප්‍රදානෝත්සවයට හැර හෝටල් කාමරයෙන් පිටතට නොගිය බවට ප්‍රකාශ දී තිබෙනවා. ඒ වගේම හිටපු ජනාධිපතිවරයාගේ නිල ඡායාරූප ශිල්පියා වන චින්තක ප්‍රසන්න පෙරේරාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළා. එම ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, ඇමරිකාවේ සහ කියුබාවේ නිල සංචාරවලට ඔහු රැගෙන ගියද ලන්ඩන් සඳහා රැගෙන ගියේ නැති බවයි. එතකොට මේක නිල සංචාරයක් නෙමෙයිද? ඇයි එහෙම නම් නිල සංචාරයක් බවට ලිපියක් දී තිබෙන්නේ. මේ සංචාරයේ කිසිදු නිල ඡායාරූපයක් නැහැ. කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හමුවී නැහැ. කිසිදු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර නැහැ. රට බංකොලොත්ව තිබූ අවස්ථාවක මෙතරම් මුදලක් ජනාධිපතිවරයකු වැය කිරීම සාධාරණද?
එක් පොලිස් නිලධාරියකුට දවස් හතකට ලක්ෂ හැට අටක් ගෙවලා. ටිකට් සඳහා වගේම උණුසුම් ඇඳුම් සඳහා මුදල් වැය කර තිබෙනවා. වීසා සඳහා රුපියල් ලක්ෂ 11ක් වැය කරලා. නිලධාරීන් දෙන්නෙක් පෞද්ගලික සංචාරයේ ආරක්ෂාවට ගිහින්. ලන්ඩන් හෝටලේ ඉඳල තියෙන්නේ. ලන්ඩන්වල ලෑන්ඩ් මාක් හෝටලේ හිටපු ආර්යවංශ කියන නිලධාරියාගේ ප්‍රකාශයට අනුව ජනාධිපතිවරයා එළියට ගියේ නැති බව අනාවරණය වෙලා තිබෙනවා. සිය බිරිඳගේ උපාධි ප්රදානෝත්සවය සඳහා රජයේ මුදලින් විදේශගත වීම ප්‍රශ්නසහගත වන්නේ නැද්ද? අහිංසක රටේ ජනතාවගේ මුදල් මේ වැය කර තිබෙන්නේ. ජනාධිපතිවරුන්ට ට්‍රිප් යාමට එම මුදල් වියදම් කරන්න දෙන්න බැහැ. මෙතනදී තමයි මම කියන්නේ නීතිය කාටත් එකක් විය යුතු බව. මේ විත්ති කූඩුවට නගින කිසිම කෙනෙකුගේ තරාතිරම අදාළ වන්නේ නැහැ ස්වාමීනි, ගියේ බිරිඳගේ උපාධි උත්සවයට පමණක් කියා ඉතා පැහැදිලියි. කිසිම හමුවීමක් සිදුකර නැහැ. නිල රාජ්‍ය නායක හමුවකටවත් ගිහින් නැහැ. නිල ඡායාරූප ශිල්පයා ගෙනියලත් නැහැ. ඒ කියන්නේ මේක නිල සංචාරයක් නෙවෙයි. හිටපු ජනාධිපති ලේකම්වරයා මේ සිද්ධියේ ප්‍රධානම සැකකරු, ඔහු තමයි ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා. දේශපාලනඥයන් වැරදි කරනවිට එය මඟහරින්න ඕන රාජ්‍ය නිලධාරින් විසින්. මේ මුදල් අපි පෞද්ගලික අභිමතයට යොදා ගන්න බැහැ. ලේකම්වරයා මේකට වගකියන්න ඕනෑ. ඔහුට විදේශ ගමන් තහනමක් පනවන්න කියා ඉල්ලනවා. මැතිනියනි, ඔහු අද මේ ගරු අධිකරණයේ ඉන්නවා. ඔහුට විදේශගත වන්නේ නම් අධිකරණ අවසරය ගන්නා ලෙස උපදෙස් දෙන්න. සංචාරය සඳහා වැය කළ රුපියල් ලක්ෂ 166න් ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් ලක්ෂ එකසිය තිස් දෙකක් වැය කරලා තිබෙනවා. පොලීසිය සහ නාවික හමුදාව තිස් දෙලක්ෂ හැත්ත හතර දහසක් වැය කරලා තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ වසර 10කට වැඩි කාලයක් සේවය කළ පෞද්ගලික ලේකම්වරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා තිබෙන්නේ. පෞද්ගලික සංචාරයක් බව කීවත් සැකකරු ඇයට කතා කර නැහැ. සැකකරු එය නිල සංචාරයක් බවට ප්‍රකාශ දී තිබෙනවා. පෞද්ගලික ලේකම්වරිය සැන්ඩ්‍රා මහත්මියට සංචාරය සම්බන්ධයෙන් නිසි අවධානයක් නැතත් ඇයට ඒ සඳහා රුපියල් 39,000ක දීමනාවක් ලැබුණු බව ඇය ප්‍රකාශ දී තිබෙනවා. කියුබාවේ සංචාරයෙන් අනතුරුව ලන්ඩන්වල දවසක් විවේකය සඳහා එහි ගිය බව කියා තිබෙනවා. අද සැකකරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී ඔහු කියා තිෙබන්නේ විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනයක් සඳහා එහි ගිය බවයි. එය නිල සංචාරයක් බවට ඔහු අද දින ප්‍රකාශ දී තිබෙන්නේ. හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කියන්නේ වුල්ෆැම්ටන්වලින් ආරාධනා කළා කියලා. සැප්තැම්බර් 1දා ලිපිය හදන්නේ අගෝස්තු 16 වැනිදා. ඇයි මේ ලිපිය මාස තුනක් විමර්ශන කරද්දී හිටපු ලේකම් සමන් ඒකනායක, පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා හෝ ආරක්ෂක නිලධාරීන් කිසිවකු මේ ගැන කියන්නේ නැත්තේ. ඇයි ලිපිය ඉදිරිපත් කරන්නේ නැත්තේ. ඔතන තමයි සාධාරණ සැකය මතු වන්නේ ස්වාමීනි,

ප්ලෑන් කළා නම් ඇයි කලින් මේ ආරාධනය විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ දුන්නේ නැත්තේ. ඇයි අද වෙනකන් මේ ලිපිය තියාගෙන හිටියේ. ඇයි විමර්ශන සදහා දුන්නේ නැත්තේ. අදයි අපිට සැකකරු මේ ලිපිය දුන්නේ. මට නම් අනුමිතියකට එන්න වෙන්නේ මේක නිර්මාණය කළ එකක් කියලා.
රට බංකොලොත් කළා කියලා නඩු දෙකක් දාලා තියෙනවා. පළවෙනි නඩුවේ සැකකාර ජනාධිපතිවරයා පස් වැනි වගඋත්තරකරු. දෙවන නඩුවේ පළවෙනි වගඋත්තරකරු. එම නඩුවේ රාජපක්ෂවරු වරදකරු කර තීන්දුව දී තිබෙනවා. රට බංලකොලොත් කළ බවට පැවරූ නඩු දෙකක් වගඋත්තරකරුවකු ලෙස මේ සැකකරු නම් කර තිබියදී ඇත්තෙන්ම සැකකරු මෙතරම් මුදලක් පෞද්ගලික පරිහරණයට ගැනීම සාධාරණද? පාලකයෝ රටේ භාරකරුවන් බවට නඩු තීන්දු ගණනාවක සඳහන්ව තිබෙනවා. ඒ වගේ අවස්ථාවක මේසා විශාල මුදලක් වැය කිරීම සාධාරණද? මේ නඩුව මහජන භාරකාරත්වයට අදාළ නඩුවක් ස්වාමීනී, මේ නඩුවේ මහජන විශ්වාසය ගැන කතා කළා.
විත්තියේ නීතිඥවරුන්
(දැන් ඇති, අවසන් කරන්න. කාලය යනවා යැයි පවසයි.)
දිලීප පීරිස් මහතා
දවස් එකහමාරට රුපියල් ලක්ෂ එකසිය හැට හයක් වැය කරල මට කියනවා අවසන් කරන්න කියලා. ඒ නඩුව පවරද්දී වගඋත්තරකරු පෞද්ගලික ගමනක් යනවා නිල සංචාරයක් බව පවසමින් රජයේ මුදල් වැය කරමින්. මෙතන විශේෂම අවධානය යොමු කළ යුතු කාරණයක් වන්නේ ස්වාමීනි, ඔය කාලේම හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා චක්‍රලේඛයක් නිකුත් කරනවා, නිල සංචාර සඳහා රජයේ අරමුදල් අරපරිස්සමෙන් භාවිත කරන්න කියලා. මට බංග්ලාදේශ යන්න ලැබිලා තියෙද්දී ඔය කියන කාලේ මට ඩොලර් හොයාගන්න බැරිවුණා.
(විවෘත අධිකරණයේ ඝෝෂා) ජනාධිපතිවරයා විධායක ජනාධිපතිවරයෙක්.
දිලීප පීරිස් මහතා
විදේශ සංචාර යනවිට මුදල් වැය කිරීම අරපරිස්සමින් කරන්න කියලා මෙහෙම කියපු ජනාධිපති ලේකම්වරයා පොලිස් නිලධාරීන්ට ලක්ෂ ගණනින් ටිකක් අනුමත කරලා. ශ්‍රේෂ්ඨාධිකරණය රට බංකොලොත් කියල නඩු දාලා තියෙද්දි මෙහෙම කරලා තියෙන්නේ. ටිකට් සඳහා ලක්ෂ විසි තුනක් මැකිනස් ට්‍රැවල් ආයතනයට ගෙවලා. මේ වියදම් කිරීම සාධාරණද? මහජන මුදල් අවභාවිතයක් නොවේද? මෙතරම් මුදලක් වැය කරමින් කරපු සංචාරයෙන් රාජ්‍යයට ඉන් ලැබුණු ප්‍රතිලාභය මොකක්ද?
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා – බුරියානි කන අයත් ඉන්නවා. එකසිය පනහේ බත් එක කන අයත් ඉන්නවා. ඒ දෙක වෙනස්.
අධිකරණය – නිශ්ශබ්ද වන්න, පැමිණිල්ලට කරුණු දක්වන්න ඉඩ දෙන්න
දිලීප පීරිස් මහතා – ස්තූතියි ස්වාමීනි
මම තනියම කතා කරන්නේ. මට මොන කාලයේ ආවත් නඩුවට කතා කරනවා. මට ආණ්ඩු අදාළ නැහැ. නීතියට යටින් සැවොම සිටිය යුතු බව පිළිගත යුතු කරුණක්.
හිටපු ජනාධිපති ලේකම්වරයා මේ නඩුවේ ප්‍රධාන සැකකාරයා. ඔහුට විදේශ ගමන් තහනමක් පනවන්න කියලා ඉල්ලනවා. සැකකාර ජනාධිපතිවරයා කියනවා ඔහුගේ වැටුප රුපියල් ලක්ෂයයි කියලා. කොහොමද පෞද්ගලිකව ඔය මුදල් වලින් පෞද්ගලික සංචාර යන්නේ. පෞද්ගලික සංචාරය නිල සංචාරයක් බව පෙන්වා රජයේ මුදල් යොදවන්නේ. වුල්ෆ් හැම්ටන් විශ්වවිද්‍යාලය පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. නිල සංචාරයක් සඳහා රාජ්‍යයන් දෙකක් අතර ලේඛන හුවමාරු වෙන්න ඕන. සැකකරුගේ ප්‍රකාශයට අනුව කියන්නේ නිල – පෞද්ගලික කියල සංචාර නැහැ කියලා. ඕනෑම සංචාරයකට රාජ්‍ය මුදල් භාවිත කරන්න පුළුවන් කියලා ඔහු කියනවා. සැකකරු පිළිගන්නවා මේක පෞද්ගලික සංචාරයක් බව. එහෙනම් ජනාධිපති ලේකම්වරයා කොහොමද මේක නිල සංචාරයක් කළේ. හිරවෙලා තියෙන්නේ ලන්ඩන්වල. විමර්ශන අවසන් නැහැ ස්වාමීනි. තවත් සැකකරුවන් අත්අඩංගුවට ගන්න තියෙනවා. විශේෂයෙන් හිටපු ජනාධිපති ලේකම්වරයා. මේක පොදු දේපළ පනත යටට ඒ ගැනෙන වරදක් නිසා ඇප ලබාගන්න පුළුවන් සුවිශේෂී කරුණුවලට පමණයි. සාමාන්‍ය අපරාධ නඩුවක් අපරාධමය චෝදනාවක් තියෙනවා. සාධාරණ සැකයක් තියෙනවාද කියලා විතරක් බලන්න අවශ්‍යයි. යුක්තියේ දෙවඟන දෑස් වසා සිටිනවා. තරාතිරම බලන්න එපා. කරුණු විතරක් බලන්න. නීතියට යටින් හැමෝම ඉන්නෙ. හෙට මම, ශානි මේ කූඩුවට නඟින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පෙන්වා දුන්නොත් පවුලක් ඉන්නවා. දරුවෝ ඉන්නවා. ඒ අය එකතු කරලා කැටයකට කාසි දානවා. එක් අයෙක් කැටේ මුදල් අරන් ගිහින් තනියම කෑවා වගේ තත්ත්වයක් මෙතන තියෙන්නේ. මේ පවුල තමයි රට. රටේ ජනතාවගේ මුදල් තමයි මේ පරිහරණය කර තිබෙන්නේ. මෙතන වරදක් තිබෙනවා. රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුව තිබෙනවා. පොදු දේපළ පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වරදවල් සිදු කර තිබෙනවා. සැකකාර හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
අද මේ නඩු දාන්න පුළුවන් වෙලා තියෙන්නේ
මේ සැකකරු ජනාධිපති මුක්තිය ඉවත් කළ නිසයි -විත්තියේ නීතිඥ අනුජ ප්‍රේමරත්න
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අනුජ ප්‍රේමරත්න, උපුල් ජයසූරිය, ෆයිසර් මුස්තෆා, අලි සබ්රි මහත්වරුන් ඇතුළු නීතිඥවරුන් විශාල පිරිසක් අධිකරණයේ පෙනී සිටි අතර එහිදී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් මෙසේ කීවේය.
ඔය කියන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවෙන් මේ වගඋත්තරකරු නිදොස් කළා. මෙම නඩුවේ පැමිණිලිකරුම ජනාධිපති ලේකම්වරයා වීමෙන්ම තේරුම් ගන්න පුළුවන් මේ නඩුවේ අරමුණ. රටේ විගණකාධිපතිවරයා ජනාධිපති වැය සම්බන්ධයෙන් සිදු කළ විගණනයේ මේ සම්බන්ධ කිසිම කරුණක් අනාවරණය වෙලා නැහැ. මේ වරද කළ කාලයට අදාළව මේ විගණනය සිදුව තිබෙන්නේ. නමුත් මෙයාලා අභ්‍යන්තර විගණනයක් කරනවා. ඒක කරල තියෙන්නෙ ජනාධිපති ලේකම්ගේ හෝ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව මතයි. මේ පැමිණිල්ල කරලා තියෙන්නේත් එහෙමයි. ජනාධිපතිවරයා රැකබලා ගන්න එක රාජ්‍යයේ වගකීමක්. රටේ ජනාධිපතිලා ගොඩක් ඉඳලා තියෙනවා. මම ජනාධිපති වුෙණාත් මමත් යනවා. එහෙම වෙන්නේ නැහැ හොඳ වෙලාවට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අද වෙනකම් දැනගෙන ඉඳලා නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්නවාද දන්නේ නැහැ ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා එකම ගුවන් යානයක තියා එක වාහනයකවත් ගමන් යන්නේ නැහැ. මොකද ඒ තිදෙනාටම අනතුරක් වුණොත් රට ආරජික වෙන නිසා. මම ජනාධිපති වුණොත් අනුරාධපුරයට යනවා. මම හිතුමතේ කාර් එක අරං අනුරාධපුරයට යනවාද? මේවා සාමාන්‍ය ප්‍රශ්න. මම කියන්නේ ජනාධිපතිවරයා රැක ගැනීම, ආරක්ෂාව දීම රජයේ වගකීමක්. මේ සංචාරය පෞද්ගලිකද නිල සංචාරයක් ද යන්න අදාළ නැහැ. සමහර විශ්වවිද්‍යාලවලින් ජනාධිපතිවරුන්ට ආරාධනා ලැබෙනවා. ආරාධනා කරලා තියෙනවා. සමහර අයට එහෙම ආරාධනා ලැබිලා නැහැ. oxford විශ්වවිද්‍යාලයෙන් රටේ වැදගත්ම අයට ආරාධනා ලැබිලා තියෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, හිටපු විදේශ කටයුතු ඇමැති ලක්ෂ්මන් කදිරගාමර්, හිටපු අධ්‍යාපන ඇමැති ලලිත් ඇතුලත්මුදලි ඇතුළු කිහිප දෙනෙක් මේ වගේ ආරාධනා ලැබිලා ගිහිං තියෙනවා. එංගලන්තයේ තානාපති කාර්යාලයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට මේ ආරාධනාව එවා තිබෙනවා. ලන්ඩන්වල මහ කොමසාරිස් කාර්යාලේ official ලිපියකින් මේ ආරාධනාව එවා තිබන්නේ. මේ ආරාධනා පත්‍රයේ තිබෙන්නේ මිස්ටර් රනිල් කියල. ඩියර් රනිල් කියලා නෙවෙයි. එක එක කාලෙ එක එකාට කඩේ යන යූ ටියුබ්කාරයෝ ඊයේ කියල තිබ්බා ඔබතුමිය අද දවස් දාහතරකට මගේ සේවා දායකයා රිමන්ඩ් කරනවා කියලා. රාජ්‍ය නායකයෙක් කොහේ ගියත් ඔය කියන ආරක්ෂක පිරිස යන්න ඕන. රටට ජනාධිපති ඉන්නේ උදේ 8 ඉඳන් සවස හතර වෙනකම් වැඩ කරන්න නෙවෙයි. සැකකරුට අවුරුදු 76යි. මැරෙනකම් හෝ දාලා යනකම් හෝ පරදිනකම් ජනාධිපතිවරයාට තිබෙන බලතල එලෙස තිබෙනවා. චක්‍රලේඛ, මුදල් ලේඛන පෙන්වා දී තිබෙනවා. ජනාධිපති, අගමැති, කථානායක මුදල් රෙගුලාසිවලට ඇතුළත් වෙන්නේ නැහැ. අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් පහළ ඉන්න අයයි ඊට ඇතුළත් වන්නේ. සැකකරුට අනුව අමතරව ලන්ඩන් එන්න ප්ලෑන් කර නැහැ. සැකකරුට අවුරුදු 76ක්. දීර්ඝ ගුවන් ගමන් යන්න බැරි නිසයි එංගලන්තෙ ට්‍රාන්සිට් කළේ. ඩුබායි ගියොත් පැය 16ට වැඩිය යනවා. අපිට ගියත් අමාරුයි. එංගලන්තයේ ඉඳන් පැය හයහමාරයි. මේ ලියුම විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉරලා විසි කරලා නැත්නම් සොයා ගන්න නොහැකි වෙන්නේ නැහැ. ඊමේල් පණිවිඩ තියෙනවා කොහොමද ආරාධනාව ආවේ කියන කාරණය ඔප්පු කරන්න. මංගල යෝජනාවකට දිනය වෙන් කරන්නේත් අපිට ආරාධනා කරනවා වගේ නෙමෙයි ජනාධිපතිවරයෙක්ගෙන් වෙලාව වෙන් කරන්නේ. මේ දිනය කියලා දැනුම් දීලා ඒක හැකි බවට දැන්නුවම තමයි ආරාධනාව එන්නේ. එංගලන්තයේ ඔය කියන විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිකම්ම නිකම් උපකුලපතිවරයෙක් නෙමෙයි. ඔහු එංගලන්තයේ සාමිවරයෙක්. දැන් කියනවා ජනාධිපති ආරක්ෂාවට ඇයි පොලීසිය ගෙනිච්චේ කියලා. ඇයි පෞද්ගලික ලේකම් ගෙනිච්චේ කියලා. පෞද්ගලික ලේකම්වරියම කියනවා ජනාධිපති කාමරෙන් එළියට ගියේ නැහැ කියලා. ජනාධිපති ඇඳුම් ගන්න ගිහින් හරල්ඩ් එකට ගියා නම් ඒක ප්‍රශ්නයක්. ටීෂර්ට් බිලක් දැම්මා නම් ප්‍රශ්නයක්. එහෙම කරලා නැහැ. මේ ආරාධනාව දැන් ජනාධිපති හම්බුනා කියන්න පුළුවන් ද ඔයාලා එන්න එපා මම නීතියෙන් යන්නම් ගිහින් ටුක් ටුක් එකක එහා මෙහා යන්නම් කියලා. රටේ ජනතාව කාර් කීයක් අරන් තියෙනවාද පෙට්‍රල් ගත්තේ මොන ෂෙඩ් එකෙන් ද අහනවද? මේ ආරාධනාවක් අනුව ගිහිං තියෙන්නේ. ජනාධිපතිට ටුක් ටුක් එකක යන්න බැහැ. එහේට ගිහිං කාර් එකක හයර් කරන්න බැහැ. ඒවා කරන ක්‍රමයක් සම්ප්රදායක් තිබෙනවා. පවුම් ගණන්වලින් ගණන් කිව්වා. මේ සැකකරු ඉහළ ගිය රුපියලේ වටිනාකම හාරසීයට අඩු කරපු කෙනෙක්. මහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට අනුව දුර යන්න පුළුවන් එකම වාහනයයි තිබෙන්නේ. රටේ ජනාධිපතිවරයාට ඒ වාහන ගැන බලන්න බැහැනේ. අද මේ නඩු දාන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ සැකකරු ජනාධිපති මුක්තිය ඉවත් කළ නිසයි.
විත්ති කූඩුවේ සිට සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා
මමයි ජනාධිපති මුක්තිය ඉවත් කරන්න කටයුතු කළේ.
(සභාවේ ඝෝෂා)
අනුජ ප්‍රේමරත්න මහතා –
නඩු දාන්න පුළුවන් වරදක් කරලා නම් නඩු දැම්මට කමක් නැහැ. මහකොමසාරිස් කාර්යාලයේ සහ ජාතික විගණන කාර්යාලයේ ලිපියට අවධානය යොමු කරනවා. නමුත් පදනම් විරහිත ද්වේෂසහගත නඩු දාන්න එපා. මැතිනියනි මේ අවස්ථාවේ නඩු තීන්දු කිහිපයකට ඔබතුමියගේ අවධානය යොමු කරනවා. සුවිශේෂි හේතු සම්බන්ධයෙන් සලකා බැලූ, ස්ථානාධිපති එරෙහිව ලුණුගම්වෙහෙර ලක්ෂාන් ගුණසේකර, ස්ථානාධිපති දූෂණ විරෝධි එරෙහිව අන්වර් මුබාරක්, ස්ථානාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එරෙහිව එම්.එන්.එම්. නස්වික් ඇතුළු නඩු තීන්දු කෙරෙහි අවධානය යොමු කරයි. සුවිශේෂී කරුණු එක් එක් නඩුව වෙනුවෙන් වෙනස් විය යුතුයි. ඔබතුමියට අභිමතානුසාරි බලයක් තිබෙනවා. තාමෝදරන් පිල්ලේ නඩු තීන්දුව කෙරෙහි මෙහිදී අවධානය යොමු කරනවා. අද නඩු දාන්න පුළුවන් වුණේ මේ සැකකරු ජනපති මුක්තිය ඉවත් කළ නිසයි. මේ වගේ ද්වේෂසහගත නඩු දැමීම සුදුසු නැහැ. විගණකාධිපති වාර්තාවේ නැති කරුණක් සම්බන්ධයෙන් ගිහිං විගණනයක් කරනවා.
දිලීප පීරිස් මහතා –
මේ සම්බන්ධයෙන් කිහිපවරක් අවධානය යොමු කළ නිසා කරුණු පවසන්න අවසරයි. මේ විගණනය සාමාන්‍යයෙන් සිදු කරන විගණනයක්. එහි පොදු වාර්තාවක් තිබෙන්නේ. විගණන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණක විජිත රෝහණ මලල්ගොඩ මහතා කළ විගණනයකින් මේ බව අනාවරණය වෙලා තිබෙන්නේ.
ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා –
එහෙම නම් විගණකාධිපති අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුට කියා විගණනය කරන්න ඕන. සුවිශේෂි කරුණු ව්‍යවස්ථාවේ දක්වා නැහැ. නඩුවෙන් නඩුවට අධිකරණ මනස වෙනස් විය යුතුයි. මෙතන සුවිශේෂි කරුණු එකට එක්ව තිබෙන්නේ. නීතිමය රාමුව තුළට ඇප පනත පැමිණීමෙන් පසුව ඇප සලකා බැලීමට නිසි අවධානය අධිකරණය විසින් ලබා දිය යුතුයි. සැකකරු වයෝවෘද්ධ අයෙක්. සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැහැ. මේවා විශේෂ කරුණු. සැකකරු වසර හතක ඉඳලා රෝගී තත්ත්වයකින් පෙළෙනවා. පාලනය කළ නොහැකි දියවැඩියා තත්ත්වයක් තිබෙනවා. අධි රුධිර පීඩනය තිබෙනවා. සැකකරුට රෝග ගණනාවක් තිබෙනවා. මේ කරුණ පළමු වරට කියන්නෙත්. ලංකාවේ කවුරුත් දන්නෙ නැහැ. ජනාධිපති භාර්යාව පිළිකා රෝගයකින් සහ ආතරයිටිස් රෝගයකින් පෙළෙනවා. ඇයව ධෛර්යවත් කරන්නෙ මේ සැකකරු. ඔවුන්ට දරුවන් නැහැ. ඔවුන්ට ඉන්නේ ඔවුන් දෙදෙනා පමණයි. බන්ධනාගාරගත වුවහොත් සැකකරුට තිබෙන රෝග තත්ත්වයන් උත්සන්න විය හැකියි. ඔහු අනිද්දා ඉන්දියාවේ පැවැත්වෙන කොමෙන්වෙල්ත් youth council එකේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙන්න නියමිතයි. මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක්. රට දාලා යන්න වුවමනාවක් නැහැ. මේ කරුණු සැලකිල්ලට ගන්න. මින් පෙර අවස්ථා දෙකකදී එන්න කිව්වා. අද එන්න කිව්වම සැකකරු මට දැනුම් දුන්නා. මට අද වැඩක් යෙදී තිබුණු නිසා මම කිව්වා 29 ඉල්ලාගමු ලිඛිතව දැනුම් දෙන්නම් කියලා. සැකකරු අද යන්න ඕන කිව්වා. සාක්ෂිකාරයා විත්තිකාරයා කළා. මේ විගණනය කර තිබෙන්නේ දේශපාලනික වුවමනාවකට. බන්ධනාගාරය තුළ හිටපු ජනාධිපතිවරයකුට තියෙන විශේෂ ආරක්ෂාව මොකක්ද? මේ කරුණු සුවිශේෂි කරුණු සේ සලකා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන්න.
මෙහිදී කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා –
කිසිම නීති විරෝධි ක්‍රියාවක් කළ බවට සාක්ෂි නැහැ. කොම්පැනියක සභාපතිවරයෙක් නෙවෙයි ඔහු රටේ විධායක ජනාධිපතිවරයා. විදේශ ගමනක් යාමේදී ලේකම්වරිය, ආරක්ෂක නිලධාරීන් රැගෙන යා හැකියි. කියුබාව අෙමරිකාවේ සංචාරයන් ගැන වචනයක්වත් කිව්වේ නැහැ. දීර්ඝ ගමනකදී නවතින්න හොඳම තැන ලන්ඩන් නුවර. බිරිඳ හා සැමියාට ලැබුණු ආරාධනාවකට ගිහින් තියෙන්නේ. ජනාධිපතිවරයෙක් ලෙස 140ක් 150 අරං ගිහිං නැහැ.
මහේස්ත්‍රාත්වරිය –
ජාතික විගණන කාර්යාලය මේ සම්බන්ධයෙන් වාර්තාවක් දී තිබෙනවාද?
දිලීප පීරිස් මහතා –
වාර්ෂික පොදු වාර්තා නිකුත් කරනවා. සුවිශේෂී වාර්තාවක් නිශ්චිත සිද්ධියක් ගැන අද අධිකරණයට දාලා තියෙන්නේ. නිශ්චිත සිද්ධියට අදාළ සුවිශේෂී වාර්තාවක් ඒ වාර්තාව. පොදු වාර්තාවක් නෙවෙයි. පැමිණිල්ලක් ලැබිලා ඒ සම්බන්ධයෙන් කරන විමර්ශනයක් සිදු කර තිබෙන්නේ. මේ අය කිව්වා යූටියුබර් කෙනෙක් ගැන. එක එක යූටියුබ් විහිළුකරුවන්ගේ ප්‍රකාශ මත නඩු කරන්න බැහැ. නඩු අහන්නත් බැහැ. නඩු තීන්දු දෙන්නත් බැහැ. මෙන්න දැන් රනිල් ඇප මත මුදාහැරලා කියලා ඇලට් එකක් ගහලා.
(පස්වරු 4ට පමණ මාධ්‍යයක් විසින් නිකුත් කළ ඇලර්ට් පණිවිඩයක් ජංගම දුරකතනය ඔස්සේ අධිකරණයට පෙන්වයි) මාධ්‍යයට ඕන විදියට නඩුව අහන්න බැහැ. තනතුරු මට්ටම් අනුව නීතිය ක්‍රියාත්මක වීම වෙනස් කරන්න බැහැ. සියල්ලම නීතියට යටින් විය යුතුයි. 2025 මැයි 23 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය අභ්‍යන්තර විමර්ශනයක් කළා මේ ගැන. ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළා. විමර්ශනයට අදාළව සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව මේ රටේ අටවන විධායක ජනාධිපති සැකකරුවෙක් කරන්න ප්‍රමාණවත් කරුණු තියෙනවා.
2023 සැප්තැම්බර් 13 සිට 20 දක්වා ඇමරිකාවේ නිල සංචාරයකට ආරාධනයක් මත හිටපු ජනාධිපතිවරයා යනවා. ඒ සමඟ දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ කණ්ඩායමට ජනාධිපතිට සම්බන්ධ නිලධාරීන් හයක් සහ පොලිසියේ හතරක් එක්ව තිබෙනවා. ලන්ඩන් නුවර වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට හිටපු ජනාධිපතිවරයා මේ අතර සම්බන්ධ වී තිබෙනවා. ඒ ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියට ගෞරව උපාධියක් ලැබෙන අවස්ථාවක්. අපි මහාචාර්යවරියට ගෞරව කරනවා. ලන්ඩනයේ රැඳී සිටි දින දෙක ගැන විමර්ශනයක් සිදු කර තිබෙන්නේ. සැප්තැම්බර් 22 සහ 23 යන දින එකහමාරක කාලයක් සඳහා පමණක් රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 166ක් වියදම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මේ විමර්ශනය සිදු කර තිබෙන්නේ. මේ ලිපිය නිර්මාණය කළ ලිපියක්. ජනාධිපති ලේකම් එකක් කියනවා. පෞද්ගලික ලේකම් තව එකක් කියනවා. ආරක්ෂක නිලධාරීන් සාක්ෂිකරුවන් වෙනස් කතා කියනවා. සැකකාර ජනාධිපතිවරයා වෙනම කතාවක් කියනවා. ඒකයි මෙහි ඇති සුවිශේෂී තත්ත්වය. අනිද්දා ඉන්දියාවට යන්න ඉන්න කෙනා හිරේ යන්න බැහැ අසනීපයි කියා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරනවා. ඒ වෛද්‍ය වාර්තාවත් අද අරං තියෙන්නේ. මම තනියම කතා කරන්නේ. මට වටේ ඉඳන් ගහනවා. වටේ ඉඳන් හූ කිව්වට මම බය නැහැ. ඒකට කමක් නැහැ.
අධිකරණයේ ඝෝෂා
දිලීප පීරිස් මහතා –
ඔබතුමිය මේ ගහන ගල්වලින් නොමඟ නොයා යුතුයි. අධිකරණ මනස යොමු කළ යුතුයි. ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා. සුදා ගැන කිව්වා. එසැන පුවත් වෙඩ් අඩිවි ගණනාවක් රනිල් ඇප මත කියලා ඇලර්ට් ගැහුවා. විහිළුවලින් නඩු දාන්න බැහැ. ලේඛනවලින් නඩු අහන්න ඕන. ලේඛනගත සාක්ෂි තමයි අධිකරණයට මම ඉදිරිපත් කරේ. ඒ කරුණු සුවිශේෂි කරුණු. විනිසුරුවරුන්, පූජ්‍ය පක්ෂය අමාත්‍යාංශ ලේකම්වරුන් රක්ෂිත බන්ධනාගාරගත කරා. හිටපු පොලිස්පතිවරුන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කරා. සති දෙකකට පෙර හිටපු පොලිස්පතිවරයා යුක්තියේ මෙහෙයුම කළ පොලිස්පතිවරයාත් රක්ෂිත බන්ධනාගාරගත කළා. හිටපු ඇමැතිවරු, පොලිස් නිලධාරීන්, රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් රිමාන්ඩ් කර තිබෙනවා. තරාතිරම අවශ්‍ය නැහැ. මේ වගේ නරක පූර්වාදර්ශ නැවත නොදිය යුතුයි. සියල්ලම නීතියට යටින් ඉන්න ඕන. පාතාලේ අයත් කියාවි පහසුකම් දෙන්න කියා. අපරාධ නීතිය ඉදිරියේ සුවිශේෂී තත්ත්ව නැහැ. සියල්ල අධිකරණයට නීතියට යටින් ඉන්න ඕන. වැරදි කරන කොට ප්‍රතිවිපාක දැන ගෙන කරන්න ඕන. ඒවා විඳින්න ඕන තනතුරුවලින් ගියාම කියන කාරණය දැනගන්න . විමර්ශන පටන් ගෙන මාස තුනක් යනතුරු ලිපිය නැහැ. සැකකරු ප්‍රකාශ දෙන්න එනකොට ගේනවා. මේකද නීතිය. මේ ලිපිය ගැන සැක සහිතයි. විමර්ශන කරන්න ඕන. පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ලිපිය ගැන දන්නේ නැත්නම් අපි දැන ගන්නේ කොෙහාමද ස්වාමිනි,
විත්තියේ නීතිඥවරුන්
අනුර දිසානායක ජනාධිපතිවරයා අම්මා බලන්න අනුරාධපුරයට ගියා වාහන 13ක් අරං. ඒවාත් රාජ්‍ය වාහන මේවා ගැනත් විමර්ශන කරනවාද?
දිලීප පීරිස් මහතා –
විමර්ශනයක් කළොත් කියන්න වුණොත් කියනවා. අපි නඩු කරන්නේ. මොන ආණ්ඩුව තිබුණත් සාක්ෂි ලේඛන මත පිහිටා සිට අපි නඩු කරන්නේ.
(අධිකරණයේ ඝෝෂා)
මෙහිදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය මෙසේ පැවසුවාය.
‘පෞද්ගලික විදේශ සංචාරය සම්බන්ධයෙන් පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සැකකරු වැරදි කර ඇති බවට සැකකරු ඉදිරිපත් කරමින් පැමිණිල්ල කරුණු දක්වා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් සැකකරු 2023 වසරේ සිදු කර ඇති රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් රජයේ අභ්‍යන්තර විගණන පාලන විජිත රෝහණ පරණගම මහතා විසින් ඉදිරිපත් කර ඇති අභ්‍යන්තර විගණනයේ කරුණු දක්වා ඇත.
එම විදේශ සංචාරයට අදාළ ජනාධිපති වැය ශීර්ෂයේ මුදල් රුපියල් ලක්ෂ 133ක් දරා ඇති බවත් ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ, පෞද්ගලික ලේකම්වරියගේ ඇතුළු පිරිසගේ වියදම් ජනාධිපති වැය ශීර්ෂය මඟින් ගෙවා ඇති බවත් හෙළි වී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් සහ ශ්‍රී ලංකා පොලීසිය සහ නාවික හමුදාවේ මුදල් භාවිත කර ඇති බවට හෙළි වී ඇත. ඒවා රජයේ මුදල් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා ඇත. එය පෞද්ගලික සංචාරයක් බවටත් ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට ලැබුණු ආරාධනාවක් බවට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ලේඛනය මින් පෙර සාක්ෂි ලබා දුන් 38 දෙනාගෙන් එක් අයකු හෝ ඉදිරිපත් කර නැත. මුල් අවස්ථාවේ පෞද්ගලික සංචාරයක් බවටත් දෙවන අවස්ථාවේ සංචාරයක් බවටත් සංචාරයෙන් පසුව එය නිල සංචාරයක් බවටත් කරුණු දක්වා ඇති එම සංචාරය නිල සංචාරයක් වූයේ නම් එම ලේඛනයේ පෞද්ගලික සංචාරයක් බවට දැක්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති අතිශය රහසිගත ලිපියෙහි ද ශානිකා ඒකනායක අතිරේක ලේකම්වරිය විසින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික සංචාරයක් බවට වන ලිපියේ දක්වා ඇත.
ඒ සඳහා වැය වන මුදල් සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් දක්වා ඇත. ශ්‍රී ලංකා මහාකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ ෆැක්ස් පණිවිඩයේද එය පෞද්ගලික සංචාරයක් බවට දක්වා ඇත. අද ඉදිරිපත් කරන ලද ලිපිය මාස තුනක කාලයක් ඉක්ම යනතෙක් හිටපු ජනාධිපතිවරයාට, හිටපු ලේකම්වරයාට හෝ පෞද්ගලික ලේකම්වරියට නොහැකි වී ඇත. එය සකස් කරගත් ලිපියක් බවට පැමිණිල්ල විසින් කරුණු දැක්වීමේදී ප්‍රකාශ කර ඇත. එසේම මෙම ලිපිය අද දින ඉදිරිපත් කරමින් කරුණු දක්වා ඇත්තේ පැමිණිල්ල දුර්වල නඩුවක් බවට පත් කරලීම වුවද ඇප අයදීමකදී සලකා බැලිය යුතු කරුණු නඩු තීන්දු රැසක් මඟින් දක්වා ඇත.
මේ නඩුවේ එවැනි කරුණු අසාමාන්‍ය කරුණු ලෙස සැලකිය නොහැකියි. ඇප සම්බන්ධයෙන් ඇප පනතේ ප්‍රතිපාදන සලකා බැලිමේදී එම කරුණු සුවිශේෂී කරුණු විය යුතුය. මේ අනුව සැකකරු සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ වන වරදක් සංස්ථාපනය වී තිබේ. ඇප ලබා ගැනීමට නම් ඔහු විසින් සුවිශේෂි කරුණු ඉදිරිපත් කළ යුතුය. සැකකරු 8 වන විධායක ජනාධිපති බවත් ආරක්ෂාවට නිලධාරීන් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් ගෙවූ මුදල් රජයේ මුදල් අවභාවිතයක් වශයෙන් නොගැනෙන බවට සැකකරු වෙනුවෙන් කරුණු දක්වා ඇත. සැකකරු හෘද රෝගියෙක් බවත් දියවැඩියා රෝගියෙක් බවත් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවටත් කරුණු දක්වා ඇත. එසේම සැකකරුගේ බිරිඳ පිළිකා රෝගයකින් පෙළෙන බවටත් ආතරයිටිස් තත්ත්වයක් ඇති බවටත් කරුණු දක්වා ඇත. නීතිය ඉදිරියේ සැවොම එක හා සමාන ආකාරයෙන් සැලකිය යුතු බවට නීතියෙන් දක්වා ඇත. ඒ අනුව එකී රෝග තත්ත්වයන් සුවිශේෂී තත්ත්වයන් ලෙස සලකා බැලිය නොහැකිය. සැකකරු අද දින ඉදිරිපත් කර ඇති ලිපියේ නිරවද්‍යභාවය පරීක්ෂා කර නැත. එකී ලිපිය සකස් කළ ලිපියක් ද යන්න විමර්ශනය කර නැත. ජාතික විගණන වාර්තාව පොදුවේ ඉදිරිපත් කළ එකක් බවට කරුණු දක්වා ඇත.
සැකකරුගේ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් නිශ්චිත ලිපි ඉදිරිපත් කර නැත. ඒ සම්බන්ධයෙන් නිසි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස සැකකරුට නියෝග කරමි. සැකකරුට ඇප නියම කිරීමට නිසි පරිදි ඉදිරිපත් කර නැත. එබැවින් ලබන 26 තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමි. සැකකරුට අවශ්‍ය ආරක්ෂාව සහ වෛද්‍ය පහසුකම් ලබා දෙන ලෙස බන්ධනාගාරයට නියම කරමි. එසේම හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කරමි.
නඩුව කැඳවූයේ පස්වරු 3ට වන අතර දෙපාර්ශ්වයේම කරුණුවලට සවන් දුන් මහේස්ත්‍රාත්වරිය පස්වරු 5.30ට පමණ නඩුව පැය භාගයක කාලයකට කල් තැබීය.
එම අවස්ථාවේදී විත්ති කූඩුවේ කෙටි වේලාවක් සිටගෙන සහ පසුව අසුන්ගෙන හිටපු ජනාධිපවරයා සිටියේය. නඩුව අතරතුර හිටපු ජනාධිපතිවරයා වතුර පානයට අවසර ඉල්ලා සිටි අවස්ථාවේ අධිකරණ සාජන්වරයා විසින් පානය සඳහා ජල වීදුරුවක් අධිකරණ අවසරය මත ලබා දුන්නේය.
නඩුව පස්වරු 5.30ට කල් තැබුණු පසුව සැකකාර හිටපු ජනාධිපතිවරයා විවෘත අධිකරණය ඉදිරිපස ඇති බංකුවක අසුන් ගන්වනු ලැබුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේය.
නඩු තීන්දුව මහේස්ත්‍රාත්වරිය විසින් නිල කාමරයෙහි සකස් කරමින් සිටින අවස්ථාවේ පසුවරු 6.40ට පමණ විවෘත අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වූ අතර පැයකට වැඩි කාලයක් එය යථා තත්ත්වයට පත් කිරීමට ගත විය. එම අවස්ථාවේදී විවෘත අධිකරණයේ විශාල නොසන්සුන්තාවක් ඇතිවී තිබිණි. ඉන් අනතුරුව නැවත අධිකරණ කටයුතු ආරම්භ වූයේ රාත්‍රී 9.30ට පමණය. ඒ පැය 4ක අධික කාලයක් ඉක්ම යාමෙන් අනතුරුවය. නැවත නිල අසුන වෙත පැමිණි මහේස්ත්‍රාත්වරිය පැය භාගයක් වැනි කාලයක් මහේස්ත්‍රාත්වරිය පිටු ගණනාවකින් යුක්ත තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දන්වා සිටියාය. ඇප දීමට තරම් ප්‍රමාණවත් සුවිශේෂි කරුණු ඉදිරිපත්ව නැති බව මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.
නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ සිට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ප්‍රධාන පක්ෂ සහ සුළු පක්ෂ නියෝජනය කරමින් හිටපු මැති ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන්, ලේකම්වරුන්, නිලධාරීන් ඇතුළු පිරිසක් සිටි අතර ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥවරුන් 50කට අධික සංඛ්‍යාවක් විවෘත අධිකරණ ශාලාව අතුරු සිදුරු නැතිව පිරී සිටිනු දක්නට ලැබිණි.
හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් විවෘත අධිකරණය ඉදිරියේ පස්වරු 1 සිට රාත්‍රී 10 වනතෙක් පැය 10කට අධික කාලයක් එක සේ රැඳී සිටි අතර ඔවුන් කෑ කෝ ගසමින් ඝෝෂා කිරීම සිදු කළ අතර, ඇතැමුන් කඳුළු සලනු දක්නට ලැබිණි. මේ අවස්ථාවට කොම්පඤ්ඤවීදිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් මෙන්ම කැරලි මර්දන ඒකකය ද පැමිණ තිබිණි. සැකකාර ජනාධිපතිවරයා එහි යන්න දින දෙකකට පෙර ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කොස්තාපල්වරයකු ලන්ඩන් ගොස් තිබෙනවා.
ඔවුන්ට පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් ලක්ෂ 22කට අධික මුදලක් ගෙවා තිබෙනවා. ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ජනාධිපතිවරයා අදාළ උපාධි ප්‍රදානෝත්සවයට හැර හෝටල් කාමරයෙන් පිටතට නොගිය බවට ප්‍රකාශ දී තිබෙනවා. ඒ වගේම හිටපු ජනාධිපතිවරයාගේ නිල ඡායාරූප ශිල්පියා වන චින්තක ප්‍රසන්න පෙරේරාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළා. එම ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, ඇමරිකාවේ සහ කියුබාවේ නිල සංචාරවලට ඔහු රැගෙන ගියද ලන්ඩන් සඳහා රැගෙන ගියේ නැති බවයි. එතකොට මේක නිල සංචාරයක් නෙමෙයිද? ඇයි එහෙම නම් නිල සංචාරයක් බවට ලිපියක් දී තිබෙන්නේ. මේ සංචාරයේ කිසිදු නිල ඡායාරූපයක් නැහැ. කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හමුවී නැහැ. කිසිදු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර නැහැ. රට බංකොලොත්ව තිබූ අවස්ථාවක මෙතරම් මුදලක් ජනාධිපතිවරයකු වැය කිරීම සාධාරණද?
එක් පොලිස් නිලධාරියකුට දවස් හතකට ලක්ෂ හැට අටක් ගෙවලා. ටිකට් සඳහා වගේම උණුසුම් ඇඳුම් සඳහා මුදල් වැය කර තිබෙනවා. වීසා සඳහා රුපියල් ලක්ෂ 11ක් වැය කරලා. නිලධාරීන් දෙන්නෙක් පෞද්ගලික සංචාරයේ ආරක්ෂාවට ගිහින්. ලන්ඩන් හෝටලේ ඉඳල තියෙන්නේ. ලන්ඩන්වල ලෑන්ඩ් මාක් හෝටලේ හිටපු ආර්යවංශ කියන නිලධාරියාගේ ප්‍රකාශයට අනුව ජනාධිපතිවරයා එළියට ගියේ නැති බව අනාවරණය වෙලා තිබෙනවා. සිය බිරිඳගේ උපාධි ප්රදානෝත්සවය සඳහා රජයේ මුදලින් විදේශගත වීම ප්‍රශ්නසහගත වන්නේ නැද්ද? අහිංසක රටේ ජනතාවගේ මුදල් මේ වැය කර තිබෙන්නේ. ජනාධිපතිවරුන්ට ට්‍රිප් යාමට එම මුදල් වියදම් කරන්න දෙන්න බැහැ. මෙතනදී තමයි මම කියන්නේ නීතිය කාටත් එකක් විය යුතු බව. මේ විත්ති කූඩුවට නගින කිසිම කෙනෙකුගේ තරාතිරම අදාළ වන්නේ නැහැ ස්වාමීනි, ගියේ බිරිඳගේ උපාධි උත්සවයට පමණක් කියා ඉතා පැහැදිලියි. කිසිම හමුවීමක් සිදුකර නැහැ. නිල රාජ්‍ය නායක හමුවකටවත් ගිහින් නැහැ. නිල ඡායාරූප ශිල්පයා ගෙනියලත් නැහැ. ඒ කියන්නේ මේක නිල සංචාරයක් නෙවෙයි. හිටපු ජනාධිපති ලේකම්වරයා මේ සිද්ධියේ ප්‍රධානම සැකකරු, ඔහු තමයි ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා. දේශපාලනඥයන් වැරදි කරනවිට එය මඟහරින්න ඕන රාජ්‍ය නිලධාරින් විසින්. මේ මුදල් අපි පෞද්ගලික අභිමතයට යොදා ගන්න බැහැ. ලේකම්වරයා මේකට වගකියන්න ඕනෑ. ඔහුට විදේශ ගමන් තහනමක් පනවන්න කියා ඉල්ලනවා. මැතිනියනි, ඔහු අද මේ ගරු අධිකරණයේ ඉන්නවා. ඔහුට විදේශගත වන්නේ නම් අධිකරණ අවසරය ගන්නා ලෙස උපදෙස් දෙන්න. සංචාරය සඳහා වැය කළ රුපියල් ලක්ෂ 166න් ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් ලක්ෂ එකසිය තිස් දෙකක් වැය කරලා තිබෙනවා. පොලීසිය සහ නාවික හමුදාව තිස් දෙලක්ෂ හැත්ත හතර දහසක් වැය කරලා තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ වසර 10කට වැඩි කාලයක් සේවය කළ පෞද්ගලික ලේකම්වරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා තිබෙන්නේ. පෞද්ගලික සංචාරයක් බව කීවත් සැකකරු ඇයට කතා කර නැහැ. සැකකරු එය නිල සංචාරයක් බවට ප්‍රකාශ දී තිබෙනවා. පෞද්ගලික ලේකම්වරිය සැන්ඩ්‍රා මහත්මියට සංචාරය සම්බන්ධයෙන් නිසි අවධානයක් නැතත් ඇයට ඒ සඳහා රුපියල් 39,000ක දීමනාවක් ලැබුණු බව ඇය ප්‍රකාශ දී තිබෙනවා. කියුබාවේ සංචාරයෙන් අනතුරුව ලන්ඩන්වල දවසක් විවේකය සඳහා එහි ගිය බව කියා තිබෙනවා. අද සැකකරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී ඔහු කියා තිෙබන්නේ විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනයක් සඳහා එහි ගිය බවයි. එය නිල සංචාරයක් බවට ඔහු අද දින ප්‍රකාශ දී තිබෙන්නේ. හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කියන්නේ වුල්ෆැම්ටන්වලින් ආරාධනා කළා කියලා. සැප්තැම්බර් 1දා ලිපිය හදන්නේ අගෝස්තු 16 වැනිදා. ඇයි මේ ලිපිය මාස තුනක් විමර්ශන කරද්දී හිටපු ලේකම් සමන් ඒකනායක, පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා හෝ ආරක්ෂක නිලධාරීන් කිසිවකු මේ ගැන කියන්නේ නැත්තේ. ඇයි ලිපිය ඉදිරිපත් කරන්නේ නැත්තේ. ඔතන තමයි සාධාරණ සැකය මතු වන්නේ ස්වාමීනි,
ප්ලෑන් කළා නම් ඇයි කලින් මේ ආරාධනය විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ දුන්නේ නැත්තේ. ඇයි අද වෙනකන් මේ ලිපිය තියාගෙන හිටියේ. ඇයි විමර්ශන සදහා දුන්නේ නැත්තේ. අදයි අපිට සැකකරු මේ ලිපිය දුන්නේ. මට නම් අනුමිතියකට එන්න වෙන්නේ මේක නිර්මාණය කළ එකක් කියලා.
රට බංකොලොත් කළා කියලා නඩු දෙකක් දාලා තියෙනවා. පළවෙනි නඩුවේ සැකකාර ජනාධිපතිවරයා පස් වැනි වගඋත්තරකරු. දෙවන නඩුවේ පළවෙනි වගඋත්තරකරු. එම නඩුවේ රාජපක්ෂවරු වරදකරු කර තීන්දුව දී තිබෙනවා. රට බංලකොලොත් කළ බවට පැවරූ නඩු දෙකක් වගඋත්තරකරුවකු ලෙස මේ සැකකරු නම් කර තිබියදී ඇත්තෙන්ම සැකකරු මෙතරම් මුදලක් පෞද්ගලික පරිහරණයට ගැනීම සාධාරණද? පාලකයෝ රටේ භාරකරුවන් බවට නඩු තීන්දු ගණනාවක සඳහන්ව තිබෙනවා. ඒ වගේ අවස්ථාවක මේසා විශාල මුදලක් වැය කිරීම සාධාරණද? මේ නඩුව මහජන භාරකාරත්වයට අදාළ නඩුවක් ස්වාමීනී, මේ නඩුවේ මහජන විශ්වාසය ගැන කතා කළා.
විත්තියේ නීතිඥවරුන්
(දැන් ඇති, අවසන් කරන්න. කාලය යනවා යැයි පවසයි.)
දිලීප පීරිස් මහතා
දවස් එකහමාරට රුපියල් ලක්ෂ එකසිය හැට හයක් වැය කරල මට කියනවා අවසන් කරන්න කියලා. ඒ නඩුව පවරද්දී වගඋත්තරකරු පෞද්ගලික ගමනක් යනවා නිල සංචාරයක් බව පවසමින් රජයේ මුදල් වැය කරමින්. මෙතන විශේෂම අවධානය යොමු කළ යුතු කාරණයක් වන්නේ ස්වාමීනි, ඔය කාලේම හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා චක්‍රලේඛයක් නිකුත් කරනවා, නිල සංචාර සඳහා රජයේ අරමුදල් අරපරිස්සමෙන් භාවිත කරන්න කියලා. මට බංග්ලාදේශ යන්න ලැබිලා තියෙද්දී ඔය කියන කාලේ මට ඩොලර් හොයාගන්න බැරිවුණා.
(විවෘත අධිකරණයේ ඝෝෂා) ජනාධිපතිවරයා විධායක ජනාධිපතිවරයෙක්.
දිලීප පීරිස් මහතා
විදේශ සංචාර යනවිට මුදල් වැය කිරීම අරපරිස්සමින් කරන්න කියලා මෙහෙම කියපු ජනාධිපති ලේකම්වරයා පොලිස් නිලධාරීන්ට ලක්ෂ ගණනින් ටිකක් අනුමත කරලා. ශ්‍රේෂ්ඨාධිකරණය රට බංකොලොත් කියල නඩු දාලා තියෙද්දි මෙහෙම කරලා තියෙන්නේ. ටිකට් සඳහා ලක්ෂ විසි තුනක් මැකිනස් ට්‍රැවල් ආයතනයට ගෙවලා. මේ වියදම් කිරීම සාධාරණද? මහජන මුදල් අවභාවිතයක් නොවේද? මෙතරම් මුදලක් වැය කරමින් කරපු සංචාරයෙන් රාජ්‍යයට ඉන් ලැබුණු ප්‍රතිලාභය මොකක්ද?
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා – බුරියානි කන අයත් ඉන්නවා. එකසිය පනහේ බත් එක කන අයත් ඉන්නවා. ඒ දෙක වෙනස්.
අධිකරණය – නිශ්ශබ්ද වන්න, පැමිණිල්ලට කරුණු දක්වන්න ඉඩ දෙන්න
දිලීප පීරිස් මහතා – ස්තූතියි ස්වාමීනි
මම තනියම කතා කරන්නේ. මට මොන කාලයේ ආවත් නඩුවට කතා කරනවා. මට ආණ්ඩු අදාළ නැහැ. නීතියට යටින් සැවොම සිටිය යුතු බව පිළිගත යුතු කරුණක්.
හිටපු ජනාධිපති ලේකම්වරයා මේ නඩුවේ ප්‍රධාන සැකකාරයා. ඔහුට විදේශ ගමන් තහනමක් පනවන්න කියලා ඉල්ලනවා. සැකකාර ජනාධිපතිවරයා කියනවා ඔහුගේ වැටුප රුපියල් ලක්ෂයයි කියලා. කොහොමද පෞද්ගලිකව ඔය මුදල් වලින් පෞද්ගලික සංචාර යන්නේ. පෞද්ගලික සංචාරය නිල සංචාරයක් බව පෙන්වා රජයේ මුදල් යොදවන්නේ. වුල්ෆ් හැම්ටන් විශ්වවිද්‍යාලය පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. නිල සංචාරයක් සඳහා රාජ්‍යයන් දෙකක් අතර ලේඛන හුවමාරු වෙන්න ඕන. සැකකරුගේ ප්‍රකාශයට අනුව කියන්නේ නිල – පෞද්ගලික කියල සංචාර නැහැ කියලා. ඕනෑම සංචාරයකට රාජ්‍ය මුදල් භාවිත කරන්න පුළුවන් කියලා ඔහු කියනවා. සැකකරු පිළිගන්නවා මේක පෞද්ගලික සංචාරයක් බව. එහෙනම් ජනාධිපති ලේකම්වරයා කොහොමද මේක නිල සංචාරයක් කළේ. හිරවෙලා තියෙන්නේ ලන්ඩන්වල. විමර්ශන අවසන් නැහැ ස්වාමීනි. තවත් සැකකරුවන් අත්අඩංගුවට ගන්න තියෙනවා. විශේෂයෙන් හිටපු ජනාධිපති ලේකම්වරයා. මේක පොදු දේපළ පනත යටට ඒ ගැනෙන වරදක් නිසා ඇප ලබාගන්න පුළුවන් සුවිශේෂී කරුණුවලට පමණයි. සාමාන්‍ය අපරාධ නඩුවක් අපරාධමය චෝදනාවක් තියෙනවා. සාධාරණ සැකයක් තියෙනවාද කියලා විතරක් බලන්න අවශ්‍යයි. යුක්තියේ දෙවඟන දෑස් වසා සිටිනවා. තරාතිරම බලන්න එපා. කරුණු විතරක් බලන්න. නීතියට යටින් හැමෝම ඉන්නෙ. හෙට මම, ශානි මේ කූඩුවට නඟින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පෙන්වා දුන්නොත් පවුලක් ඉන්නවා. දරුවෝ ඉන්නවා. ඒ අය එකතු කරලා කැටයකට කාසි දානවා. එක් අයෙක් කැටේ මුදල් අරන් ගිහින් තනියම කෑවා වගේ තත්ත්වයක් මෙතන තියෙන්නේ. මේ පවුල තමයි රට. රටේ ජනතාවගේ මුදල් තමයි මේ පරිහරණය කර තිබෙන්නේ. මෙතන වරදක් තිබෙනවා. රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුව තිබෙනවා. පොදු දේපළ පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වරදවල් සිදු කර තිබෙනවා. සැකකාර හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
අද මේ නඩු දාන්න පුළුවන් වෙලා තියෙන්නේ
මේ සැකකරු ජනාධිපති මුක්තිය ඉවත් කළ නිසයි -විත්තියේ නීතිඥ අනුජ ප්‍රේමරත්න
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අනුජ ප්‍රේමරත්න, උපුල් ජයසූරිය, ෆයිසර් මුස්තෆා, අලි සබ්රි මහත්වරුන් ඇතුළු නීතිඥවරුන් විශාල පිරිසක් අධිකරණයේ පෙනී සිටි අතර එහිදී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් මෙසේ කීවේය.
ඔය කියන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවෙන් මේ වගඋත්තරකරු නිදොස් කළා. මෙම නඩුවේ පැමිණිලිකරුම ජනාධිපති ලේකම්වරයා වීමෙන්ම තේරුම් ගන්න පුළුවන් මේ නඩුවේ අරමුණ. රටේ විගණකාධිපතිවරයා ජනාධිපති වැය සම්බන්ධයෙන් සිදු කළ විගණනයේ මේ සම්බන්ධ කිසිම කරුණක් අනාවරණය වෙලා නැහැ. මේ වරද කළ කාලයට අදාළව මේ විගණනය සිදුව තිබෙන්නේ. නමුත් මෙයාලා අභ්‍යන්තර විගණනයක් කරනවා. ඒක කරල තියෙන්නෙ ජනාධිපති ලේකම්ගේ හෝ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව මතයි. මේ පැමිණිල්ල කරලා තියෙන්නේත් එහෙමයි. ජනාධිපතිවරයා රැකබලා ගන්න එක රාජ්‍යයේ වගකීමක්. රටේ ජනාධිපතිලා ගොඩක් ඉඳලා තියෙනවා. මම ජනාධිපති වුෙණාත් මමත් යනවා. එහෙම වෙන්නේ නැහැ හොඳ වෙලාවට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අද වෙනකම් දැනගෙන ඉඳලා නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්නවාද දන්නේ නැහැ ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා එකම ගුවන් යානයක තියා එක වාහනයකවත් ගමන් යන්නේ නැහැ. මොකද ඒ තිදෙනාටම අනතුරක් වුණොත් රට ආරජික වෙන නිසා. මම ජනාධිපති වුණොත් අනුරාධපුරයට යනවා. මම හිතුමතේ කාර් එක අරං අනුරාධපුරයට යනවාද? මේවා සාමාන්‍ය ප්‍රශ්න. මම කියන්නේ ජනාධිපතිවරයා රැක ගැනීම, ආරක්ෂාව දීම රජයේ වගකීමක්. මේ සංචාරය පෞද්ගලිකද නිල සංචාරයක් ද යන්න අදාළ නැහැ. සමහර විශ්වවිද්‍යාලවලින් ජනාධිපතිවරුන්ට ආරාධනා ලැබෙනවා. ආරාධනා කරලා තියෙනවා. සමහර අයට එහෙම ආරාධනා ලැබිලා නැහැ. oxford විශ්වවිද්‍යාලයෙන් රටේ වැදගත්ම අයට ආරාධනා ලැබිලා තියෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, හිටපු විදේශ කටයුතු ඇමැති ලක්ෂ්මන් කදිරගාමර්, හිටපු අධ්‍යාපන ඇමැති ලලිත් ඇතුලත්මුදලි ඇතුළු කිහිප දෙනෙක් මේ වගේ ආරාධනා ලැබිලා ගිහිං තියෙනවා. එංගලන්තයේ තානාපති කාර්යාලයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට මේ ආරාධනාව එවා තිබෙනවා. ලන්ඩන්වල මහ කොමසාරිස් කාර්යාලේ official ලිපියකින් මේ ආරාධනාව එවා තිබන්නේ. මේ ආරාධනා පත්‍රයේ තිබෙන්නේ මිස්ටර් රනිල් කියල. ඩියර් රනිල් කියලා නෙවෙයි. එක එක කාලෙ එක එකාට කඩේ යන යූ ටියුබ්කාරයෝ ඊයේ කියල තිබ්බා ඔබතුමිය අද දවස් දාහතරකට මගේ සේවා දායකයා රිමන්ඩ් කරනවා කියලා. රාජ්‍ය නායකයෙක් කොහේ ගියත් ඔය කියන ආරක්ෂක පිරිස යන්න ඕන. රටට ජනාධිපති ඉන්නේ උදේ 8 ඉඳන් සවස හතර වෙනකම් වැඩ කරන්න නෙවෙයි. සැකකරුට අවුරුදු 76යි. මැරෙනකම් හෝ දාලා යනකම් හෝ පරදිනකම් ජනාධිපතිවරයාට තිබෙන බලතල එලෙස තිබෙනවා. චක්‍රලේඛ, මුදල් ලේඛන පෙන්වා දී තිබෙනවා. ජනාධිපති, අගමැති, කථානායක මුදල් රෙගුලාසිවලට ඇතුළත් වෙන්නේ නැහැ. අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් පහළ ඉන්න අයයි ඊට ඇතුළත් වන්නේ. සැකකරුට අනුව අමතරව ලන්ඩන් එන්න ප්ලෑන් කර නැහැ. සැකකරුට අවුරුදු 76ක්. දීර්ඝ ගුවන් ගමන් යන්න බැරි නිසයි එංගලන්තෙ ට්‍රාන්සිට් කළේ. ඩුබායි ගියොත් පැය 16ට වැඩිය යනවා. අපිට ගියත් අමාරුයි. එංගලන්තයේ ඉඳන් පැය හයහමාරයි. මේ ලියුම විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉරලා විසි කරලා නැත්නම් සොයා ගන්න නොහැකි වෙන්නේ නැහැ. ඊමේල් පණිවිඩ තියෙනවා කොහොමද ආරාධනාව ආවේ කියන කාරණය ඔප්පු කරන්න. මංගල යෝජනාවකට දිනය වෙන් කරන්නේත් අපිට ආරාධනා කරනවා වගේ නෙමෙයි ජනාධිපතිවරයෙක්ගෙන් වෙලාව වෙන් කරන්නේ. මේ දිනය කියලා දැනුම් දීලා ඒක හැකි බවට දැන්නුවම තමයි ආරාධනාව එන්නේ. එංගලන්තයේ ඔය කියන විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිකම්ම නිකම් උපකුලපතිවරයෙක් නෙමෙයි. ඔහු එංගලන්තයේ සාමිවරයෙක්. දැන් කියනවා ජනාධිපති ආරක්ෂාවට ඇයි පොලීසිය ගෙනිච්චේ කියලා. ඇයි පෞද්ගලික ලේකම් ගෙනිච්චේ කියලා. පෞද්ගලික ලේකම්වරියම කියනවා ජනාධිපති කාමරෙන් එළියට ගියේ නැහැ කියලා. ජනාධිපති ඇඳුම් ගන්න ගිහින් හරල්ඩ් එකට ගියා නම් ඒක ප්‍රශ්නයක්. ටීෂර්ට් බිලක් දැම්මා නම් ප්‍රශ්නයක්. එහෙම කරලා නැහැ. මේ ආරාධනාව දැන් ජනාධිපති හම්බුනා කියන්න පුළුවන් ද ඔයාලා එන්න එපා මම නීතියෙන් යන්නම් ගිහින් ටුක් ටුක් එකක එහා මෙහා යන්නම් කියලා. රටේ ජනතාව කාර් කීයක් අරන් තියෙනවාද පෙට්‍රල් ගත්තේ මොන ෂෙඩ් එකෙන් ද අහනවද? මේ ආරාධනාවක් අනුව ගිහිං තියෙන්නේ. ජනාධිපතිට ටුක් ටුක් එකක යන්න බැහැ. එහේට ගිහිං කාර් එකක හයර් කරන්න බැහැ. ඒවා කරන ක්‍රමයක් සම්ප්රදායක් තිබෙනවා. පවුම් ගණන්වලින් ගණන් කිව්වා. මේ සැකකරු ඉහළ ගිය රුපියලේ වටිනාකම හාරසීයට අඩු කරපු කෙනෙක්. මහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට අනුව දුර යන්න පුළුවන් එකම වාහනයයි තිබෙන්නේ. රටේ ජනාධිපතිවරයාට ඒ වාහන ගැන බලන්න බැහැනේ. අද මේ නඩු දාන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ සැකකරු ජනාධිපති මුක්තිය ඉවත් කළ නිසයි.
විත්ති කූඩුවේ සිට සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා
මමයි ජනාධිපති මුක්තිය ඉවත් කරන්න කටයුතු කළේ.
(සභාවේ ඝෝෂා)
අනුජ ප්‍රේමරත්න මහතා –
නඩු දාන්න පුළුවන් වරදක් කරලා නම් නඩු දැම්මට කමක් නැහැ. මහකොමසාරිස් කාර්යාලයේ සහ ජාතික විගණන කාර්යාලයේ ලිපියට අවධානය යොමු කරනවා. නමුත් පදනම් විරහිත ද්වේෂසහගත නඩු දාන්න එපා. මැතිනියනි මේ අවස්ථාවේ නඩු තීන්දු කිහිපයකට ඔබතුමියගේ අවධානය යොමු කරනවා. සුවිශේෂි හේතු සම්බන්ධයෙන් සලකා බැලූ, ස්ථානාධිපති එරෙහිව ලුණුගම්වෙහෙර ලක්ෂාන් ගුණසේකර, ස්ථානාධිපති දූෂණ විරෝධි එරෙහිව අන්වර් මුබාරක්, ස්ථානාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එරෙහිව එම්.එන්.එම්. නස්වික් ඇතුළු නඩු තීන්දු කෙරෙහි අවධානය යොමු කරයි. සුවිශේෂී කරුණු එක් එක් නඩුව වෙනුවෙන් වෙනස් විය යුතුයි. ඔබතුමියට අභිමතානුසාරි බලයක් තිබෙනවා. තාමෝදරන් පිල්ලේ නඩු තීන්දුව කෙරෙහි මෙහිදී අවධානය යොමු කරනවා. අද නඩු දාන්න පුළුවන් වුණේ මේ සැකකරු ජනපති මුක්තිය ඉවත් කළ නිසයි. මේ වගේ ද්වේෂසහගත නඩු දැමීම සුදුසු නැහැ. විගණකාධිපති වාර්තාවේ නැති කරුණක් සම්බන්ධයෙන් ගිහිං විගණනයක් කරනවා.
දිලීප පීරිස් මහතා –
මේ සම්බන්ධයෙන් කිහිපවරක් අවධානය යොමු කළ නිසා කරුණු පවසන්න අවසරයි. මේ විගණනය සාමාන්‍යයෙන් සිදු කරන විගණනයක්. එහි පොදු වාර්තාවක් තිබෙන්නේ. විගණන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණක විජිත රෝහණ මලල්ගොඩ මහතා කළ විගණනයකින් මේ බව අනාවරණය වෙලා තිබෙන්නේ.
ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා –
එහෙම නම් විගණකාධිපති අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුට කියා විගණනය කරන්න ඕන. සුවිශේෂි කරුණු ව්‍යවස්ථාවේ දක්වා නැහැ. නඩුවෙන් නඩුවට අධිකරණ මනස වෙනස් විය යුතුයි. මෙතන සුවිශේෂි කරුණු එකට එක්ව තිබෙන්නේ. නීතිමය රාමුව තුළට ඇප පනත පැමිණීමෙන් පසුව ඇප සලකා බැලීමට නිසි අවධානය අධිකරණය විසින් ලබා දිය යුතුයි. සැකකරු වයෝවෘද්ධ අයෙක්. සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැහැ. මේවා විශේෂ කරුණු. සැකකරු වසර හතක ඉඳලා රෝගී තත්ත්වයකින් පෙළෙනවා. පාලනය කළ නොහැකි දියවැඩියා තත්ත්වයක් තිබෙනවා. අධි රුධිර පීඩනය තිබෙනවා. සැකකරුට රෝග ගණනාවක් තිබෙනවා. මේ කරුණ පළමු වරට කියන්නෙත්. ලංකාවේ කවුරුත් දන්නෙ නැහැ. ජනාධිපති භාර්යාව පිළිකා රෝගයකින් සහ ආතරයිටිස් රෝගයකින් පෙළෙනවා. ඇයව ධෛර්යවත් කරන්නෙ මේ සැකකරු. ඔවුන්ට දරුවන් නැහැ. ඔවුන්ට ඉන්නේ ඔවුන් දෙදෙනා පමණයි. බන්ධනාගාරගත වුවහොත් සැකකරුට තිබෙන රෝග තත්ත්වයන් උත්සන්න විය හැකියි. ඔහු අනිද්දා ඉන්දියාවේ පැවැත්වෙන කොමෙන්වෙල්ත් youth council එකේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙන්න නියමිතයි. මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක්. රට දාලා යන්න වුවමනාවක් නැහැ. මේ කරුණු සැලකිල්ලට ගන්න. මින් පෙර අවස්ථා දෙකකදී එන්න කිව්වා. අද එන්න කිව්වම සැකකරු මට දැනුම් දුන්නා. මට අද වැඩක් යෙදී තිබුණු නිසා මම කිව්වා 29 ඉල්ලාගමු ලිඛිතව දැනුම් දෙන්නම් කියලා. සැකකරු අද යන්න ඕන කිව්වා. සාක්ෂිකාරයා විත්තිකාරයා කළා. මේ විගණනය කර තිබෙන්නේ දේශපාලනික වුවමනාවකට. බන්ධනාගාරය තුළ හිටපු ජනාධිපතිවරයකුට තියෙන විශේෂ ආරක්ෂාව මොකක්ද? මේ කරුණු සුවිශේෂි කරුණු සේ සලකා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන්න.
මෙහිදී කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා –
කිසිම නීති විරෝධි ක්‍රියාවක් කළ බවට සාක්ෂි නැහැ. කොම්පැනියක සභාපතිවරයෙක් නෙවෙයි ඔහු රටේ විධායක ජනාධිපතිවරයා. විදේශ ගමනක් යාමේදී ලේකම්වරිය, ආරක්ෂක නිලධාරීන් රැගෙන යා හැකියි. කියුබාව අෙමරිකාවේ සංචාරයන් ගැන වචනයක්වත් කිව්වේ නැහැ. දීර්ඝ ගමනකදී නවතින්න හොඳම තැන ලන්ඩන් නුවර. බිරිඳ හා සැමියාට ලැබුණු ආරාධනාවකට ගිහින් තියෙන්නේ. ජනාධිපතිවරයෙක් ලෙස 140ක් 150 අරං ගිහිං නැහැ.
මහේස්ත්‍රාත්වරිය –
ජාතික විගණන කාර්යාලය මේ සම්බන්ධයෙන් වාර්තාවක් දී තිබෙනවාද?
දිලීප පීරිස් මහතා –
වාර්ෂික පොදු වාර්තා නිකුත් කරනවා. සුවිශේෂී වාර්තාවක් නිශ්චිත සිද්ධියක් ගැන අද අධිකරණයට දාලා තියෙන්නේ. නිශ්චිත සිද්ධියට අදාළ සුවිශේෂී වාර්තාවක් ඒ වාර්තාව. පොදු වාර්තාවක් නෙවෙයි. පැමිණිල්ලක් ලැබිලා ඒ සම්බන්ධයෙන් කරන විමර්ශනයක් සිදු කර තිබෙන්නේ. මේ අය කිව්වා යූටියුබර් කෙනෙක් ගැන. එක එක යූටියුබ් විහිළුකරුවන්ගේ ප්‍රකාශ මත නඩු කරන්න බැහැ. නඩු අහන්නත් බැහැ. නඩු තීන්දු දෙන්නත් බැහැ. මෙන්න දැන් රනිල් ඇප මත මුදාහැරලා කියලා ඇලට් එකක් ගහලා.
(පස්වරු 4ට පමණ මාධ්‍යයක් විසින් නිකුත් කළ ඇලර්ට් පණිවිඩයක් ජංගම දුරකතනය ඔස්සේ අධිකරණයට පෙන්වයි) මාධ්‍යයට ඕන විදියට නඩුව අහන්න බැහැ. තනතුරු මට්ටම් අනුව නීතිය ක්‍රියාත්මක වීම වෙනස් කරන්න බැහැ. සියල්ලම නීතියට යටින් විය යුතුයි. 2025 මැයි 23 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය අභ්‍යන්තර විමර්ශනයක් කළා මේ ගැන. ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළා. විමර්ශනයට අදාළව සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව මේ රටේ අටවන විධායක ජනාධිපති සැකකරුවෙක් කරන්න ප්‍රමාණවත් කරුණු තියෙනවා.
2023 සැප්තැම්බර් 13 සිට 20 දක්වා ඇමරිකාවේ නිල සංචාරයකට ආරාධනයක් මත හිටපු ජනාධිපතිවරයා යනවා. ඒ සමඟ දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ කණ්ඩායමට ජනාධිපතිට සම්බන්ධ නිලධාරීන් හයක් සහ පොලිසියේ හතරක් එක්ව තිබෙනවා. ලන්ඩන් නුවර වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට හිටපු ජනාධිපතිවරයා මේ අතර සම්බන්ධ වී තිබෙනවා. ඒ ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියට ගෞරව උපාධියක් ලැබෙන අවස්ථාවක්. අපි මහාචාර්යවරියට ගෞරව කරනවා. ලන්ඩනයේ රැඳී සිටි දින දෙක ගැන විමර්ශනයක් සිදු කර තිබෙන්නේ. සැප්තැම්බර් 22 සහ 23 යන දින එකහමාරක කාලයක් සඳහා පමණක් රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 166ක් වියදම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මේ විමර්ශනය සිදු කර තිබෙන්නේ. මේ ලිපිය නිර්මාණය කළ ලිපියක්. ජනාධිපති ලේකම් එකක් කියනවා. පෞද්ගලික ලේකම් තව එකක් කියනවා. ආරක්ෂක නිලධාරීන් සාක්ෂිකරුවන් වෙනස් කතා කියනවා. සැකකාර ජනාධිපතිවරයා වෙනම කතාවක් කියනවා. ඒකයි මෙහි ඇති සුවිශේෂී තත්ත්වය. අනිද්දා ඉන්දියාවට යන්න ඉන්න කෙනා හිරේ යන්න බැහැ අසනීපයි කියා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරනවා. ඒ වෛද්‍ය වාර්තාවත් අද අරං තියෙන්නේ. මම තනියම කතා කරන්නේ. මට වටේ ඉඳන් ගහනවා. වටේ ඉඳන් හූ කිව්වට මම බය නැහැ. ඒකට කමක් නැහැ.
අධිකරණයේ ඝෝෂා
දිලීප පීරිස් මහතා –
ඔබතුමිය මේ ගහන ගල්වලින් නොමඟ නොයා යුතුයි. අධිකරණ මනස යොමු කළ යුතුයි. ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා. සුදා ගැන කිව්වා. එසැන පුවත් වෙඩ් අඩිවි ගණනාවක් රනිල් ඇප මත කියලා ඇලර්ට් ගැහුවා. විහිළුවලින් නඩු දාන්න බැහැ. ලේඛනවලින් නඩු අහන්න ඕන. ලේඛනගත සාක්ෂි තමයි අධිකරණයට මම ඉදිරිපත් කරේ. ඒ කරුණු සුවිශේෂි කරුණු. විනිසුරුවරුන්, පූජ්‍ය පක්ෂය අමාත්‍යාංශ ලේකම්වරුන් රක්ෂිත බන්ධනාගාරගත කරා. හිටපු පොලිස්පතිවරුන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කරා. සති දෙකකට පෙර හිටපු පොලිස්පතිවරයා යුක්තියේ මෙහෙයුම කළ පොලිස්පතිවරයාත් රක්ෂිත බන්ධනාගාරගත කළා. හිටපු ඇමැතිවරු, පොලිස් නිලධාරීන්, රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් රිමාන්ඩ් කර තිබෙනවා. තරාතිරම අවශ්‍ය නැහැ. මේ වගේ නරක පූර්වාදර්ශ නැවත නොදිය යුතුයි. සියල්ලම නීතියට යටින් ඉන්න ඕන. පාතාලේ අයත් කියාවි පහසුකම් දෙන්න කියා. අපරාධ නීතිය ඉදිරියේ සුවිශේෂී තත්ත්ව නැහැ. සියල්ල අධිකරණයට නීතියට යටින් ඉන්න ඕන. වැරදි කරන කොට ප්‍රතිවිපාක දැන ගෙන කරන්න ඕන. ඒවා විඳින්න ඕන තනතුරුවලින් ගියාම කියන කාරණය දැනගන්න . විමර්ශන පටන් ගෙන මාස තුනක් යනතුරු ලිපිය නැහැ. සැකකරු ප්‍රකාශ දෙන්න එනකොට ගේනවා. මේකද නීතිය. මේ ලිපිය ගැන සැක සහිතයි. විමර්ශන කරන්න ඕන. පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ලිපිය ගැන දන්නේ නැත්නම් අපි දැන ගන්නේ කොෙහාමද ස්වාමිනි,
විත්තියේ නීතිඥවරුන්
අනුර දිසානායක ජනාධිපතිවරයා අම්මා බලන්න අනුරාධපුරයට ගියා වාහන 13ක් අරං. ඒවාත් රාජ්‍ය වාහන මේවා ගැනත් විමර්ශන කරනවාද?
දිලීප පීරිස් මහතා –
විමර්ශනයක් කළොත් කියන්න වුණොත් කියනවා. අපි නඩු කරන්නේ. මොන ආණ්ඩුව තිබුණත් සාක්ෂි ලේඛන මත පිහිටා සිට අපි නඩු කරන්නේ.
(අධිකරණයේ ඝෝෂා)
මෙහිදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය මෙසේ පැවසුවාය.
‘පෞද්ගලික විදේශ සංචාරය සම්බන්ධයෙන් පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සැකකරු වැරදි කර ඇති බවට සැකකරු ඉදිරිපත් කරමින් පැමිණිල්ල කරුණු දක්වා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් සැකකරු 2023 වසරේ සිදු කර ඇති රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් රජයේ අභ්‍යන්තර විගණන පාලන විජිත රෝහණ පරණගම මහතා විසින් ඉදිරිපත් කර ඇති අභ්‍යන්තර විගණනයේ කරුණු දක්වා ඇත.
එම විදේශ සංචාරයට අදාළ ජනාධිපති වැය ශීර්ෂයේ මුදල් රුපියල් ලක්ෂ 133ක් දරා ඇති බවත් ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ, පෞද්ගලික ලේකම්වරියගේ ඇතුළු පිරිසගේ වියදම් ජනාධිපති වැය ශීර්ෂය මඟින් ගෙවා ඇති බවත් හෙළි වී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් සහ ශ්‍රී ලංකා පොලීසිය සහ නාවික හමුදාවේ මුදල් භාවිත කර ඇති බවට හෙළි වී ඇත. ඒවා රජයේ මුදල් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා ඇත. එය පෞද්ගලික සංචාරයක් බවටත් ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට ලැබුණු ආරාධනාවක් බවට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ලේඛනය මින් පෙර සාක්ෂි ලබා දුන් 38 දෙනාගෙන් එක් අයකු හෝ ඉදිරිපත් කර නැත. මුල් අවස්ථාවේ පෞද්ගලික සංචාරයක් බවටත් දෙවන අවස්ථාවේ සංචාරයක් බවටත් සංචාරයෙන් පසුව එය නිල සංචාරයක් බවටත් කරුණු දක්වා ඇති එම සංචාරය නිල සංචාරයක් වූයේ නම් එම ලේඛනයේ පෞද්ගලික සංචාරයක් බවට දැක්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති අතිශය රහසිගත ලිපියෙහි ද ශානිකා ඒකනායක අතිරේක ලේකම්වරිය විසින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික සංචාරයක් බවට වන ලිපියේ දක්වා ඇත.
ඒ සඳහා වැය වන මුදල් සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් දක්වා ඇත. ශ්‍රී ලංකා මහාකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ ෆැක්ස් පණිවිඩයේද එය පෞද්ගලික සංචාරයක් බවට දක්වා ඇත. අද ඉදිරිපත් කරන ලද ලිපිය මාස තුනක කාලයක් ඉක්ම යනතෙක් හිටපු ජනාධිපතිවරයාට, හිටපු ලේකම්වරයාට හෝ පෞද්ගලික ලේකම්වරියට නොහැකි වී ඇත. එය සකස් කරගත් ලිපියක් බවට පැමිණිල්ල විසින් කරුණු දැක්වීමේදී ප්‍රකාශ කර ඇත.
එසේම මෙම ලිපිය අද දින ඉදිරිපත් කරමින් කරුණු දක්වා ඇත්තේ පැමිණිල්ල දුර්වල නඩුවක් බවට පත් කරලීම වුවද ඇප අයදීමකදී සලකා බැලිය යුතු කරුණු නඩු තීන්දු රැසක් මඟින් දක්වා ඇත.
මේ නඩුවේ එවැනි කරුණු අසාමාන්‍ය කරුණු ලෙස සැලකිය නොහැකියි. ඇප සම්බන්ධයෙන් ඇප පනතේ ප්‍රතිපාදන සලකා බැලිමේදී එම කරුණු සුවිශේෂී කරුණු විය යුතුය. මේ අනුව සැකකරු සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ වන වරදක් සංස්ථාපනය වී තිබේ. ඇප ලබා ගැනීමට නම් ඔහු විසින් සුවිශේෂි කරුණු ඉදිරිපත් කළ යුතුය. සැකකරු 8 වන විධායක ජනාධිපති බවත් ආරක්ෂාවට නිලධාරීන් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් ගෙවූ මුදල් රජයේ මුදල් අවභාවිතයක් වශයෙන් නොගැනෙන බවට සැකකරු වෙනුවෙන් කරුණු දක්වා ඇත. සැකකරු හෘද රෝගියෙක් බවත් දියවැඩියා රෝගියෙක් බවත් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවටත් කරුණු දක්වා ඇත.
එසේම සැකකරුගේ බිරිඳ පිළිකා රෝගයකින් පෙළෙන බවටත් ආතරයිටිස් තත්ත්වයක් ඇති බවටත් කරුණු දක්වා ඇත. නීතිය ඉදිරියේ සැවොම එක හා සමාන ආකාරයෙන් සැලකිය යුතු බවට නීතියෙන් දක්වා ඇත. ඒ අනුව එකී රෝග තත්ත්වයන් සුවිශේෂී තත්ත්වයන් ලෙස සලකා බැලිය නොහැකිය. සැකකරු අද දින ඉදිරිපත් කර ඇති ලිපියේ නිරවද්‍යභාවය පරීක්ෂා කර නැත. එකී ලිපිය සකස් කළ ලිපියක් ද යන්න විමර්ශනය කර නැත. ජාතික විගණන වාර්තාව පොදුවේ ඉදිරිපත් කළ එකක් බවට කරුණු දක්වා ඇත.
සැකකරුගේ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් නිශ්චිත ලිපි ඉදිරිපත් කර නැත. ඒ සම්බන්ධයෙන් නිසි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස සැකකරුට නියෝග කරමි. සැකකරුට ඇප නියම කිරීමට නිසි පරිදි ඉදිරිපත් කර නැත. එබැවින් ලබන 26 තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමි. සැකකරුට අවශ්‍ය ආරක්ෂාව සහ වෛද්‍ය පහසුකම් ලබා දෙන ලෙස බන්ධනාගාරයට නියම කරමි. එසේම හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කරමි.
නඩුව කැඳවූයේ පස්වරු 3ට වන අතර දෙපාර්ශ්වයේම කරුණුවලට සවන් දුන් මහේස්ත්‍රාත්වරිය පස්වරු 5.30ට පමණ නඩුව පැය භාගයක කාලයකට කල් තැබීය.
සුභාෂිණී සේනානායක
ඡායාරූප-හිරන්ත ගුණතිලක / රුක්මාල් ගමගේ/ සුලෝචන ගමගේ