අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනකු පාර්ලිමේන්තුවෙන් තමන් වෙත ලබාදෙන ඉන්ධන දීමනාව ලබා නොගන්නා බවට පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත දැනුම් දී ඇත. එම පිරිස කටයුතු කරන අමාත්‍යාංශවලින් ඉන්ධන දීමනාව ලබාගන්නා බැවින් පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ඉන්ධන දීමනාව ලබානොගෙන සිටීමට තීරණය කර ඇත.
ප්‍රථමයෙන්ම අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවෙන් හිමි ඉන්ධන දීමනාව ලබා නොගන්නා බවට පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත දැනුම්දී ඇත. ඉන්පසුව අනෙකුත් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉන්ධන දීමනාව ලබා නොගන්නා බවට දැනුම් දී ඇත.
පසුගිය සිකුරාදා වනවිට අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනකු මෙලෙස අදාළ ලිපි ලබාදී ඇත.
ස්වර්ණා විජේකෝන්