මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී, රවීන්ද්‍ර පත්මප්‍රිය පවසනවා.
ඒ අනුව, අද (23) සහ හෙට (24) යන දින දෙකේදී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩංදූව සහ බූස්ස අතර දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමක් සහ ආරම්භක වේලාවන් සංශෝධනය කිරීමක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
අගෝස්තු 24 (හෙට) දිනයේදී අවලංගුවන දුම්රිය:
* ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 05.15 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8319 දුම්රිය
* මරදාන දුම්රිය ස්ථානයෙන් ප.ව.12.10 ට පිටත්ව ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත අංක 8788 දුම්රිය
අගෝස්තු 24 (හෙට) දිනයේදී ආරම්භක වෙලාව සංශෝධනය කර ධාවනය කරන දුම්රිය:
* ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 05.00 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8327 සමුද්‍රදේවී දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානයෙන් පැයක් පමණ ප්‍රමාද කර පෙ.ව.06.30 ට ගමන් ආරම්භ කිරීම.
* ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 04.10 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8320 දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08.50 ට ගමන් ආරම්භ කිරීම.
මීට අමතරව අද (23) කොළඹ කොටුවෙන් ප.ව. 07.30ට පිටත්ව ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.