නන්දා මාලිනිය ඇගයීමේ ප්‍රණාම උලෙළක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනිය ඇගයීමේ ප්‍රණාම උලෙළක් ඊයේ (22) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 09 වන මැදිරිය ‘නන්දා මාලිනී මැදිරිය’ ලෙස නම් කිරීම එහිදී සිදු කෙරුණු බවයි සඳහන් වන්නේ.

එසේම, ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ ඇයගේ ඡායාරූපයක් නිරාවරණය කිරීම ද සිදු කෙරුණා.‍

රජයේ මැති, ඇමතිවරු, ගුවන් විදුලි සංස්ථා නිලධාරින් සහ කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනියගේ 82 වැනි ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.