දේශබන්දු දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන යයි

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ආරක්ෂක හේතූන් මත ඔහුව එම බන්ධනාගාරයට යොමු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2022 වසරේදී අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගත් අතර, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (21) නියෝග කරනු ලැබුවා.