බම්බලපිටිය පොලීසියේ සැරයන් හා පීසි රිමාන්ඩ්

සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම්වැටි දෙකකට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට යැයි පවසා  රුපියල් 30,000/= ක මුදලක් ලබාගත් බව කියන බම්බලපිටිය පොලිසියේ නිලධාරීන්  දෙදෙනා  හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන තෙක් ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබනෙවා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා විසින්.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් රියැදුරෙක්.

පැමිණිලිකාර සිංගප්පූරු ජාතිකයා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර පොලිස් නිලධාරින් ත්‍රිරෝද රථය නවතා සිංගප්ගපුරු ජාතිකයාගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී දුම්වැටි දෙක හමුවී ඇතැයි විමර්ශකයින් අධිකරණයට දැනුම් දුන්නා.

විමර්න නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, එම අවස්ථාවේදී  මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා  එම විදේශීය ජාතිකයාට පවසා ඇත්තේ මෙය අධිකරණයට ඉදිරිපත් කළහොත් රුපියල් 50,000/= ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත් එසේ නොකිරීමට රුපියල් 40,000/= ක් ඉල්ලා ඇති බවයි.

ඒ අනුව සැකකරුවන් විදේශිකයාගෙන් අදාළ මුදලින් රුපියල් 30,000/= ක මුදලක් ලබාගෙන ඇතැයි ද විමර්ශන නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නා.