හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් CID අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 2022 වසරේ මැයි මස 9 වැනිදා ගාලුමුවදොර පැවැත් වූ අරගලයට සම්බන්ධ වූ පිරිසට පහරදීම සම්බන්ධයෙන්.මෙම සිදුවීමට අදාළව තමන් අත අඩංගුවට නොගෙන අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඔහු මීට පෙර කොටුව අධිකරණයෙන් කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප වී තිබෙනවා.