දේශපාලන වාසි තකා පැතිරුණු කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වීම සමාගම ලැබූ ජයග්‍රහණයක් – SupremeSAT

වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරූ කටකතා වෙනුවට, සත්‍ය අනාවරණය වීම තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව SupremeSAT සමාගම පවසනවා.

ඒ අනුව, නිරන්තරයෙන් රටේ ප්‍රගමනය වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින්, සමාගමේ කීර්ති නාමය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස්කරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ.

SupremeSAT-1 චන්ද්‍රිකාව මේ වන විටත් 87.5° නැගෙනහිර කක්ෂයේ නිවැරදිව සහ සක්‍රීයව පවතින බවත්, මූලික දියත් කිරීමේ සිටම චන්ද්‍රිකාව විද්‍යානුකූලව ස්ථානගත කර ඇති බවත් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

අදාළ නිවේදනය පහතින්.

 news images news images