ගොවියා ආරක්ෂා කරන බවට පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මේ වන විට ගොවියාට නිසි ප්‍රමිතියෙන් යුක්ත පොහොර ටික පවා දීමට අපොහොසත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) පැවසීය.
මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද පැවසීය.
අයි.එම්.එෆ්. විරෝධීව ආණ්ඩු බලයට ගත් මේ අය අද වේලාවට බදු එහෙම වැඩි කරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ඉතාම හොඳට ක්‍රියාත්මක කරනවා. පසුගිය දවසක ජනාධිපතිවරයා ආයෝජන ගැන කතා කළා. ඩොලර් මිලියන 650ක අයෝජන ඇවිත් තිබෙනවා කියලා එක්තරා ඇමැතිවරයෙක් පැවසුවා. ඩොලර් මිලියන අනූ ගණනක ආයෝජන ලැබී තිබෙන බවට අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා කියනවා. බිලියන 4.6ක ආයෝජන ගේන්න අපි සැලසුම් කර තිබෙනවා කියලා කියනවා. මේ තිබෙන ක්‍රමවේදය වෙනස් නොකර නිලධාරීන් හිරේ දානවා. ඊට පස්සේ වෙන්නේ මොකක්ද? පත්වෙන අලුත් නිලධාරියාත් අර නීතිය යටතේ හිරේට යනවා.
රටේ රාජ්‍ය යන්ත්‍රණය ඩිජිටල් කරනවා කීවාට අද වන තෙක් ගත් ක්‍රියාමාර්ග මොනවාද? ලෝකයේ තිබෙන හොඳම ටෙන්ඩර් පටිපාටිය ලංකාවට ගෙනා යුතුයි. ඔබ එය කරන්නේ නැහැ. රාජ්‍ය සේවාව ගැන මේ ආණ්ඩුවට විශ්වාසයක් නැහැ. විශ්වාස නොකළාට කමක් නැහැ. ඒක බිඳලා දාන්න එපා. ගොවියාට දෙන පොහොර ටිකේ ප්‍රමිතිය නැහැ. ඒ ගැන කතා කරන්න කවුරුත් නැහැ. සාකච්ඡා තිය තියා පිටරටින් හාල්, ලුණු ගේන්න ආණ්ඩුව කටයුතු කරනවා. ගොවියාට නිෂ්පාදනය කරන්න අවශ්‍ය දේවල් දෙන්න බැරිව මොනවා කතා කළත් වැඩක් නැහැ. බදු ප්‍රතිශතය වැඩි කරනවා. ආණ්ඩුව පොහොසත් කියලා එමඟින් කියනවා.