මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා, ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න පවසනවා.
ඒ අනුව, ළමුන් අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ඉහළ ගොස් ඇති බවත්, ආහාර පරිභෝජනයේ පවතින ගැටලු මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
අවුරුදු 13-17 අතර දරුවන් අතර ස්ථුලතාවය 3%ක් පමණ පවතින බව ඔවුන්ගේ ආහාර පිළිවෙත සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවද, දරුවන් අතර අධි බර 12%ක් පමණ දක්නට ලැබෙන බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥවරිය සඳහන් කළා.
මෙම සෞඛ්‍ය ගැටලු සඳහා දරුවන්ගේ ආහාර රටාව ප්‍රධාන හේතුවක් වී ඇති බවත්, 17%ක් පමණ දරුවන් පැණි බීම හා ඒ ආශ්‍රිත බීම වර්ග පරිභෝජනය කරන බවත්, 28%ක් ලුණු සහිත ආහාර වර්ග පරිභෝජනය කරන බවත්, 28%ක් අධික තෙල් සහිත ආහාර භාවිතා කර ඇති බවත්, 41%ක් අධික සීනි සහිත ආහාර පරිභෝජනය කරන බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.