බස් ගාස්තු 2.5% කින් අඩු කිරීමට ගනු ලැබූ තීරණය අනුව සංශෝධිත බස් ගාස්තු අද දිනයේ ප්රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවනු ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.
ජූලි 01 වැනිදා සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර සාකච්ඡාවක් ඊයේ (25) පැවැත්වුණා.
2.5% කින් බස් ගාස්තු අඩු කිරිමට තීරණය කළ ද එහි වාසිය කිසිවෙකුට නොලැබෙන බවයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න එහිදී ප්රකාශ කර සිටියේ.