දුම්රිය තාක්ෂණ ශිල්පීන් සංකේත වර්ජනයක

දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් සඳහන් කළේ.

මේ හේතුවෙන් රත්මලාන, දෙමටගොඩ, මරදාන යන දුම්රිය අංගනවල දුම්රිය අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු අද දිනයේ සිදු නොවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.