මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස හර්ෂණ සූරියප්පෙරුම පත්වෙයි

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්‍ය හර්ෂණ සූරියප්පෙරුම පත් වූ අතර ඔහු එම ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. 

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්‍ය හර්ෂණ සූරියප්පෙරුම පසුගියදා එම ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.

මීටපෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධන එම ධුරයෙන් විශ්‍රාමගිය පසුව එම ධුරය පුරප්පාඩුව පැවතුනා.