ආරක්ෂක අමාත්‍යංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් විවෘත කෙරේ.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) ආරක්ෂක අමාත්‍යාංශය පරිශ්‍රයේදී එය සිදු විය.
එම ඒකකයෙන් ආරක්ෂක අමාත්‍යංශය තුළ දුෂණය අවම කිරීම, දුෂණ අවදානම් හඳුනාගැනීම, දුෂණ අවදානම් තක්සේරු කිරීම සහ ආරක්ෂක විධිවිධාන වැඩිදියුණු කරනු ඇත.
එමෙන්ම, එම සමස්ත ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට වාර්ෂිකව ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි නිකුත් කළ චක්‍රලේඛයේ උපදෙස් පරිදි 2025 -2029 දුෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතන සේවා සම්බන්ධ විමසීම් සහ පැමිණිලි සඳහා රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම යටතේ මෙම ඒකකය විවෘත කෙරුණි.
මෙවැනි ඒකකයක් පිහිටුවීමේ මුලික අරමුණ වන්නේ ආයතනයන් තුල දුෂණය අවම කිරීම සහ සුපිලිපන් බව ඉහල නැන්වීම වන අතර මෙමගින් දුෂණ අවදානම් හදුනාගැනීම, අවදානම් තක්සේරු කිරීම, ආරක්ෂක විධිවිධාන වැඩි දියුණු කිරීම වැනි කරුණු අධීක්ෂණය කෙරෙන අතර සමස්ත ක්‍රියාවලිය පිළිබද සම්පුර්ණ වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත හා අල්ලස් සහ දුෂණ මර්ධන කොමිෂන් සභාව වෙත වාර්ෂිකව ඉදිරිපත් කිරීම කල යුතු වේ.
මෙම ඒකකය පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා සහය දීම රාජ්‍ය නිලධාරීන් වන අප සියළු දෙනාගේ පුර්ණ වගකීමක් වන බවත් බලපොරොත්තු වන පරිදි නිසි අයුරින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් ඇති කරගත හැකි සාර්ථක ප්‍රතිඵල පිළිබදව දැනුවත් කිරීමටද ආරක්ෂක ලේකම්වරයා විසින් මෙහිදී කටයුතු සිදු කරන ලදි.
ආරක්ෂක අමාත්‍යංශ කාර්ය මණ්ඩලය වෙත මෙම වැඩසටහන හදුන්වාදීම මෙම ඒකකයේ ප්‍රධානි ලෙස කටයුතු කරන ප්‍රියංගනී හේවාරත්න මහත්මිය විසින් සිදු කරන ලද අතර, මෙම අවස්ථාවට ජාතික බුද්ධි ප්‍රධානි, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් – ක්‍රමසම්පාදන හා ආරක්ෂක අමාත්‍යංශයේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.