හිටපු කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්ද්‍රාණි බණ්ඩාරට එරෙහිව දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.
ඒ අනුව ඇය කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර, එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්යක්ෂ ධුරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙම අධිචෝදනා පත්‍රය ගොනුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර ඇති බවත්, නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25ක්ද නඩුව සමග ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.