ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අද (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරවී තිබෙනවා.
තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර අදාළ සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි අතර ඒ අනුව අද දිනයේ මෙලෙස අධිකරණය වෙත භාරවී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඇයගේ සැමියා හා කළමනාකරු යන දෙදෙනාව සහ පහරදීමට සම්බන්ධ තවත් දෙදෙනෙක් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව සැකකාර හයේශිකා ප්‍රනාන්දු සහ අනෙකුත් සැකකරුවන් සිව්දෙනාට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.