Month April 2026

සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන්ගේ පරීක්ෂණවල ප්‍රගතිය මැයි 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල ප්‍රගතිය ලබන මැයි මස 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (22) අපරාධ පරීක්ෂණ…

බ්‍රිතාන්‍යයේ 2008 වසරට පසු උපන් අයට දුම්කොළ නිෂ්පාදන විකිණීම තහනම්

බ්‍රිතාන්‍යය තුළ දුම්පානයෙන් තොර පරපුරක් බිහි කිරීමේ අරමුණින්, 2008 වසරෙන් පසුව උපන් ඕනෑම අයෙකුට දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරීමේ පනතක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. මෙම දුම්කොළ සහ වේප් පනත යටතේ, 2009 ජනවාරි 01 වැනිදා හෝ ඉන් පසුව උපන්…

උසස් පෙළ ප්‍රතිඵල මත උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීම ලබන 27 වැනිදා ඇරඹෙයි

පසුගිය අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීම ලබන 27 වැනිදා සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම සිදු කරන බවයි එහි උප…

මෙරට දුරකථන ඝනත්වය ඉහළට

මෙරට තුළ ස්ථාවර සහ ජංගම දුරකථන ඝනත්වය ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (20) නිකුත් කළ 2025 වසර සඳහා වන වාර්ෂික ආර්ථික විවරණයට අනුව පුද්ගලයින් සිය දෙනෙකුට ජංගම දුරකථන 147ක් පමණ පවතින අතර, පුද්ගලයින් සියයකට පවතින ස්ථාවර දුරකථන සංඛ්‍යාව 12.1 ක්. එය…

මොඩර්නා සමාගම කුරුළු උණ සඳහා නිපදවනු ලැබූ එන්නත අවසන් අදියරේ

අමෙරිකාවේ මොඩර්නා සමාගම සිය පරීක්ෂණාත්මක කුරුළු උණ සඳහා නිපදවනු ලැබූ එන්නතක අවසන් අදියරේ සායනික පරීක්ෂණ බ්‍රිතාන්‍යය සමග ඒකාබද්ධව ආරම්භ කර තිබෙනවා. එම් ආර් එන් ඒ 10යි 18 ලෙස නම් කර ඇති මෙම එන්නත, වයස අවුරුදු 18 සහ ඊට වැඩි නිරෝගී…

අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නුවරඑළිය පොලීසිය පවසයි. රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය මගින් ඊයේ…

අප්‍රේල් ගෙවුණු දින 19ට සංචාරකයින් 88,211ක් මෙරටට ඇවිත්

අප්‍රේල් මාසයේ මුල් දින 19 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 88,211ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 25,634ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 29%ක් වේ. එමෙන්ම, රුසියාවෙන් 4,682ක්,…

මවකට මහමඟදී අමානුෂිකව පහරදුන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ, මවකට මහමඟදී පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු ගොකරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  පොලීසිය පැවසුවේ, පසුගිය අප්‍රේල් 16 වන දින ගොකරැල්ල, මැදලන්ද ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවය. එය…

ජීවිත බිලිගත් මාරක අනතුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ. අද (22) අලුයම කෝපායි පොලිස් වසමේ යාපනය පලාලි මාර්ගයේ උරිම්බිරායි හන්දියේදී පලාලි දෙසට ධාවනය වූ යතුරුපැදියක් විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත. …

මහින්ද වත්කම්-බැර­කම් භාග­යක් අල්ලස් කොමි­ස­මට දෙයි

වත්කම් බැර­කම් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සම කළ දැනුම් දීම අනුව හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා සිය වත්කම් බැර­ක­ම්වල විස්ත­ර­ව­ලින් කොට­සක් පම­ණක් ඇතු­ළත් කර දිවු­රුම් ප්‍රකා­ශ­යක් මඟින් අල්ලස් කොමි­ස­මට පසු­ගිය 10දා භාර දී තිබේ. මෙම ලේඛ­නය භාර…