කොලොම්බියාවේ මහමග සිදුවු බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය යයි

කොලොම්බියාවේ කාජිබියෝ ප්‍රදේශයේ ඊයේ (26)  මහාමාර්ගයේ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් දරුණු බෝම්බ පිපිරීමක් සිදුවී ඇත.

ඊයේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි.

තවත් පුද්ගලයින් 36 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

මෙම බෝම්බය පිපිරුණු ස්ථානයේ ඝන මීටර් 200ක පමණ විශාල වළක් හෑරී ඇති බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.

කොලොම්බියානු රජය පවසන්නේ මෙය “අයිවන් මොර්ඩිස්කෝ” (Iván Mordisco) නමැති එරට ප්‍රබල ජාවාරම්කරුගේ මෙහෙයවීමෙන් සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.